වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග වැඩි බදු ආදායමක් උපයා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණද වාහන ආනයනය මත පනවා ඇති ඉහළ බදු අනුපාතයන් හේතුවෙන් ආණ්ඩුව කලින් සැලසුම් කළ බදු ආදායම ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව නැවත වතාවක් වාහන ආනයනය මත පනවා ඇති බදු අනුපාතයන් අවම කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද දැනුවත් කොට ඇති අතර ඊට ඔවුන්ගේ පාර්ශ්වයෙන් එකගතාව හිමිව ඇති බවද දැනගන්නට ඇත.










