ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු යුදහමුදාපති මහේෂ් සේනානායක මහතා හට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ලෙසට ඉල්ලමින් ප්‍රබලම අපේකෂකයන් දෙදෙනකුගෙන් ඉහළ ගණයේ යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇත.
එහිදී එක් ප්‍රබල අපේක්ෂකයකු සේනානායක මහතා හට දැනුම් දී ඇත්තේ තමන් පිහිටුවන නව රජය යටතේ ආරක්ෂක අමාත්‍ය ධූරය සේනානායක මහතාට ලබා දිය හැකි බවකි.
අනෙක් ප්‍රබල අපේක්ෂකයා සේනානායක මහතාට යෝජනා කොට ඇත්තේ තමන් පිහිටුවන රජය යටතේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ප්‍රබල අමාත්‍ය ධූරයක් සේනානායක මහතාට ලබා දිය හැකි බවකි.
කෙසේවෙතත් මෙම යෝජනා දෙකම සේනානායක මහතා ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට ඇත.