සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ‘Tikiri Save the Moment’ නමින් විශේෂ ඡායාරූප තරගයක් ආරම්භ කරන ලදී.
මෙය තම ජීවිතවල වඩාත්ම සුන්දර අවස්ථාවන් ඡායාරූපයට නැඟීමට දරු දැරියන් යොමුකරවන තරගයකි. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 හේතුවෙන් සංචරණයන් බොහෝ දුරට සීමා වූ පසුබිමක් තුළ, බොහෝ දරුවන් විනෝදය උදෙසා ඡායාරූපකරණය වෙත නැඹුරුවී සිටිනු දක්නට ලැබුණු අතර, ඒ නිසාම මෙම තරගය දියත් කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.
තමන් දකින සුන්දර දේවල් ඡායාරූපයට නැගීම යනු, දරුවන්ගේ සිත් සතුටු කරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදිකරවන ක්‍රියාකාරකමකි. දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙම ඡායාරූප තරගය ක්‍රියාවට නංවා තිබේ.
මෙරට ළමා ගිණුම් සම්බන්ධ පුරෝගාමියා වන සෙලාන් ටිකිරි, දරුවන් අතර අතිශයින් ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුමකි. ජාත්‍යන්තර ප්‍රවණතා අනුව හැඩගැසෙමින්, එම ප්‍රවණතාවලින් දරුවන්ට උපරිම ප්‍රයෝජන ලැබෙන පසුබිමක් නිර්මාණය කිරීමට සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරයි. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන් දැනුවත් කිරීමටත්, දිරිමත් කිරීමත් සෙලාන් බැංකුව සෑම විටම කටයුතු කරන අතර, එහි නවතම අදියර වන මෙම ඡායාරූප තරගය, දරුවන්ගේ නිරීක්ෂණ හැකියාව තීව්‍ර කරමින්, තම ආදරණීයයන් සමග ගතකරන සොඳුරු මොහොතවල් කැමරාවට හසුකර ගැනීමට ඔවුන් දිරිගන්වනු ඇත.‘Tikiri Save the Moment’ තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, තෝරාගත් ඡායාරූප සෙලාන් බැංකුවේ 2022 ආයතනික දින දර්ශනයේ මුද්‍රණය කෙරේ.











