නීති විරෝධී දුම්වැටි අලෙවි කළ වෙළෙඳසල් සහ නීති විරෝධී දුම්වැටි පානය කරමින් සිටි පුද්ගලයින් එකොලොස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පැලවත්ත, කිඹුලා වල, මහරගම යන ප්‍රදේශවල පිහිටි ආපනශාලාවල සිදුකළ වැටලීම්වලදී මෙම දුම්වැටි සහ ඒවා පානය කරමින් සිටි පුද්ගලයින් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටානාකමින් යුතු විදේශ රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි 1424ක් පමණ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.











