මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලට අපහාස වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. Sri Lanka Latest News
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.
ඉන්දුනීසියාවේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන අවස්ථාවේ දී මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් ඇඟැයීම සඳහා අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ සිටියා.
මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අමාත්‍යවරයාගේ ඡායාරූප සහ අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පළවීම හේතුවෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.










