• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී! ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 7000ක මූල්‍ය පහසුකමක්! PHOTOS I Sri Lanka Latest News

May 14, 2025
in Business
Reading Time: 8 mins read
A A
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී! ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 7000ක මූල්‍ය පහසුකමක්!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මැයි අටවැනිදා අත්සන් තැබුවේය. Sri Lanka Latest News

මෙම ගිවිසුම NSBM හරිත සරසවිය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා සමගින් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා, ලංකා බැංකුවේ මහා කළමනාකරු සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා මහතා ඉදිරියේ අත්සන් කෙරිණි.

හරිත සරසවිය ඉතා සාර්ථකව සිදුකළ අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණයෙන් උපයාගත් අතිරික්ත ලාභය යොදා දැනටමත් ආරම්භ කර තිබෙන දෙවැනි සංවර්ධන අදියර සපුරා ගැනීම මෙම ගිවිසුමට අත්සන් තැබීම මගින් බලාපොරොත්තු වෙයි. එමගින් විද්‍යා පීඨයේ ඉදිකිරීම් කටයුතු සපුරා නිමකොට, නවීන බහු ප්‍රයෝගී ශ්‍රවණ සංකීර්ණයද සෙසු පහසුකම්ද ජාත්‍යන්තර තලයට නංවාලනු ඇත.

මේ සංවර්ධනයේ ප්‍රතිලාභ දැනටමත් ප්‍රධාන පීඨ පහක් යටතේ හරිත සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින 13,000ක සිසු පිරිස වෙනුවෙන් ලැබෙනු ඇත.

ශක්තිමත් මූල්‍ය පාලනය සහ දිගුකාලීන දැක්මක විශිෂ්ට භාවය පෙන්වා දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වීරසිංහ මහතා සඳහන් සඳහන් කරමින් කියා සිටියේ : ‘‘අපේ NSBM හරිත සරසවිය ලංකා බැංකුව සමග පළමුවැනි අදියරය සඳහා වන රුපියල් බිලියන 8.6ක ණය ගිවිසුම එකඟ වූ පරිදිම නැවත ගෙවන්න අපි කටයුතු කළා. කොරෝනා අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු ඉතා සංකීර්ණ ආර්ථික තත්ත්ව වලට ලංකාව මුහුණ දුන්නත් කිසිදු ණය පැහැර හැරීමක් අපෙන් සිදුවුණේ නෑ. සංවර්ධන කටයුතු විධිමත් මූල්‍ය පාලනයක් සහිතව කරගෙන යන අපේ විශ්වවිද්‍යාලය ගැන ලංකා බැංකුව තැබූ විශ්වාසයට සහ නිරන්තරයෙන් ලබාදෙන මූල්‍ය සහයෝගය වෙනුවෙන් මම ස්තුති කිරීමට කැමතියි.’’

ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් පැවසුවේ:

“NSBM හරිත සරසවියේ සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීමට ලැබීමත් අපට මහත් ආඩම්බරයක්. ලංකා බැංකුව ජාතියේ මහා බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනමය ව්‍යාපෘති සඳහා මූල්‍ය උපකාරය සැපයීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ උන්නතිය සඳහා අප කැපවී සිටිනවා.’’

2016 දී පිහිටුවන ලද NSBM හරිත සරසවිය දැනට 20,000 කට අධික උපාධිධාරීන් නිර්මාණය කර ඇත. NSBM ජාතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහ පුර්ණ අධීක්ෂණය සහිතව දේශීය උපාධි පාඨමාලා සහ එක්සත් රාජධානියේ, ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත උපාධි පාඨමාලා ශ්‍රී ලංකවෙදීම පිරිනමන ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයකි.

මෙම ණය ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ලංකා බැංකුව නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ අංශය) සම්පත් පෙරේරා මහතා, සහකාර මහා කළමනාකරු (රාජ්‍ය ව්‍යවසාය සබඳතා අංශය), උත්පලා හේරත්රන්දෙණි මහත්මිය සහ කණ්ඩායම සහභාගී විය.

NSBM හරිත සරසවිය වෙනුවෙන් අධ්‍යයන සංවර්ධන සහ තත්ත්ව ප්‍රමිතකරණ ප්‍රධානි මහාචාර්ය භාරත දොඩන්කොටුව මහතා, ව්‍යාපාර පීඨයේ පීඨාධිපති තිලිණි ද සිල්වා මහත්මිය, මූල්‍ය ප්‍රධානි කෛලාශිනී තිරාණගම මහත්මිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු-උපායමාර්ගික සංවර්ධන සනුජි රණවක මහත්මිය, අනෙකුත් පීඨාධිපතිවරු සහ විශ්වවිද්‍යාල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

SendShareShare
Previous Post

සිද්ධිය මොකද්ද කියලා නම් දන්නේ නෑ! හැබැයි කොල්ලො රංචුවක් එක කොල්ලෙක්ව බිම දාගෙන හෙල්මට්වලින් ඔළුවටම ගහනවා! බලමු පොලිසිය මේ හෙල්මට් චණ්ඩින්ට එරෙහිව ගන්න පියවර මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ 10,000ක්! දැන් තව 6,000ක්! මයික්‍රොසොෆ්ට් සමාගමත් සේවකයන් අඩු කරගෙන අඩු කරගෙන යයි!  I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ.Sri Lanka Latest News ඒ...

Read more
සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.