ලෝක බැංකු ආධාර යටතේ LP ගෑස් මෙටි්‍රක් ටොන් 100,000ක් ආනයනය කරමින්, විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ දිගු පෝලිම් ඉවත් කළ පළමු වැනි අත්‍යාවශ්‍ය සේවාව බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පත්වීම ගැන සතුටු වන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එමෙන්ම, ප්‍රධාන තරගකරුවා සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටවූ විට දින 20ක කාලයක් තුළ සිලින්ඩර මිලියන 2.2ක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම තනිවම ගෘහස්ථ අංශයට සේවා සැපයීමට සමත්වීමද තවත් විශේෂත්වයකි.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ ලාභ ලබන රාජ්‍ය හිමිකාරීත්වය දරන ආයතන (SOEs) කිහිපයෙන් එකක් වන අතරම, ගෝලීය වසංගතය අතරතුර ඩිජිටල්කරණය වැලඳගත් පළමු ආයතන කිහිපය අතරින්ද එකකි. ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ Home Delivery App එක මගින් ලොව ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ගෑස් ඇනවුම් කිරීමට ඉඩ ලබාදෙන අතරම, දේශීය මුදල් මෙන්ම ඇමෙරිකානු ඩොලර් භාවිතයෙන්ද ගෙවීම් පිළිගනී. එසේම, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ වඩාත් පුළුල් බෙදාහරින්නන්ගේ ජාලය හරහා දොරකඩටම ලබාදෙන බෙදාහැරීමේ සේවාවද පාරිභෝගිකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය සේවාවක් බවට පත්ව ඇත. එසේම, පාරිභෝගික පැමිණිලි සහ විමසුම් කඩිනමින් විසඳීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්ද ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව පැවතීම තවත් විශේෂත්වයකි.