AIA ඉන්ෂුවරන්ස්හි සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.
2021 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9 වැනි දින ඉතා සාර්ථකව නිමවූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගි විය. මාස 5ක් පුරා පැවැති මෙම අභියෝගය සඳහා සමාගම් 80කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ අතර සංකීර්ණ වූ ව්‍යාපාර ක්‍රියාවලීන් වඩාත් සරලව ක්‍රියාත්මක කළහැකි ආකාරය අරමුණු කරගත් මූලාකෘති විසඳුම් 4ක්ද මේ සඳහා ඉදිරිපත් කර තිබුණි.
AIA ඉන්ෂුවරන්ස්හි සත්කාරකත්වයෙන් සහ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම අභියෝගය පවත්වනු ලැබුවේ, සමාජයීය සුබසෙත සඳහා වන මුලපිරීමක් වන ASEAN Financial Innovation Network (AFIN) දායකත්වය දක්වන්නා වූ Monetary Authority of Singapore (MAS), International Finance Corporation (IFC) සහ ASEAN Bankers Association (ABA) යන ආයතනයන්හි සහයෝගිතාවයෙනි.