සිඬාලේප විසාකා කේෂකල්‍යාණී 2026, පසුගිය 24 වැනිදා ගල්කිස්ස සිඬාලේප අනර්වා හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ පිරිපුන් නීරෝගී වරලස ඉස්මතු කරමින්, අගයමින්, ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් මෙමවැඩසටහන සංවිධානය කරන ලදී. වසර 90කට වඩා අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ආයුර්වේද නිශ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන සිඬාලේප සමූහ ව්‍යාපාරයේ සන්නාමයක් වන ”විසාකා” යනු සෑම දිනකම දිදුලන රහස ලෙස කාන්තා පිරිමි භේදයකින් තොරව පාරිභෝගිකයන් අතර ප්‍රචලිත විශ්වාසදායී ආයුර්වේද නිෂ්පාදන සන්නාමයකි. එය සබන් සහ ෂැම්පූ ලෙස නිෂ්පාදන පෙළකින් සමන්විත වේ. 1983 වර්ෂයේ දී දිවංගත සහස්ශ්‍රාභීෂේක වෛද්‍යශූරි දේශබන්දු ආයුර්වේද වෛද්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මැතිතුමාල විසාකා සබන් හඳුන්වාදීම සිදුකරනු ලැබූ අතර එයදෙහි, උළුහාල්, කීකිරිදිය, කෝමාරිකා, කොහොඹ, සහ පොල්තෙල් යන ඖෂධ වර්ග සමඟ පාරම්පරික ආයුර්වේද කසාය සහ චූර්ණ අනුසාරයෙන් නිෂ්පාදනය කර ඇත.විසාකා සබන් සමෙහි වියළි බව නැතිකරල තෙතමනය රැකදීල මෘදුල පෝෂණීය සත්කාරයක් ලබා දෙයි .ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි ආසියාවේ ප්‍රථම ආයුර්වේද සබන් කැටය ලෙස විසාකා සබන් හඳුන්වා දිය හැක. විසාකා ෂැම්පූ දෙහි, වෙරළු ඇත්තෝර සහ කොහොඹ අඩංගු පාරම්පරික ආයුර්වේද කසාය සහ චූර්ණ අනුසාරයෙන් උසස් තත්වයෙන් පමි්‍ර තිකරණයන්ට අනුකූලව නිපදවා ඇත. විසාකා ෂැම්පූ කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම ඇති හිස්සොරි සහ අකලට හිසකෙස් වැටීම, අකලට හිසකෙස් පැසීම / සුදුවීම වැනි ගැටලු පාලනය කර නිරෝගී හිසක් සහනීරෝගී පිරිපුන් කෙස් කළඹක් ලබාදෙයි. විසාකා සන්නාමය මඟින් බක් මාසය පුරාවට අනුග්‍රාහකත්වය දැක්වූ අවුරුදු උළෙලයන්ගෙන් සහ ඩිජිටල් තරඟයෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහා අයදුම් කරනු ලැබූ තරඟකාරිනියන් 1000කට අධික සංඛ්‍යාවක් අතරින් අවසන් මහා තරඟය සඳහා කේෂකල්‍යාණියන් 50 දෙනෙකු තේරී පත්විය.
තරඟකාරිනියන්ගේ වරලසේ සුන්දරත්වය, ලාලිත්‍යය මෙන්ම නීරෝගීභාවය අගයමින් පැවැත්වූ විසාකා කේෂකල්‍යාණී 2026 අවසාන මහා තරඟයේ ජයග්‍රාහීකාවන් තෝරාගැනීමේ කාර්යභාර්ය සිදුකරන ලද්දේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීන්වන නයනා කරුණාරත්න මහත්මියත්, රම්සි රහ්මාන් මහත්මා සහ ලෝ චිං වොංග් මහත්මා විසිනි. 2026 සිඬාලේප විසාකා කේෂකල්‍යාණිය ලෙස කළුතර සිට පැමිණිඑල්.සී.ඩබ්.මදුශානි කිරුළු පැළඳි අතර රත්නපුරේ සිට පැමිණි නෙවන්මි මෙත්සදි විසාකා කේෂකල්‍යාණිදෙවනස්ථානයහිමිකර ගත්තාය. තරඟයේ තෙවන ස්ථානය ලෙස එස්.ඩී.මදුමාලි හංසිකා ජයග්‍රහණය හිමිකරගත් අතර ඇය ත්‍රිකුණාමලයේ සිට තරඟයට සහභාගී වූවාය.ජයග්‍රාහීකාවන්ටවටිනා ත්‍යාග රැසක් හිමි වූ අතර වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමට වටිනා අවස්ථාවන් දහිමිවේ. තව ද සහභාගී වූ සියළුම තරඟකාරියන්ට වටිනා ත්‍යාගද හමිි විය. ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සන්නාමයක් වන සිඬාලේප විසාකා සන්නාමය මඟින් සිදුකරනු ලැබූ විසාකා කේෂල්‍යාණී 2026 වැඩසටහනෙහි අරමුණ වූයේ දිවයින පුරා විවිධ ප්‍රදේශ වල සිටින කාන්තාවන් සඳහා අවස්ථාවන් ලබාදී, ඔවුන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමත් අභියෝගවලයට ශක්තිමත්ව මුහුන දිය හැකි, හැකියාවන්ගෙන් පිරිපුන් කාන්තා පරපුරක් බිහිකිරීමයි. එසේම ඉදිරියේදී සිඬාලේප ආයතනයේ හවුල්කරුවන් වෙමින් ආයතනයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමටත්, විසාකා සන්නාම නියෝජිතවරියන් ලෙසතමප්‍රදේශයේ ප්‍රවර්ධන කටයුතු කිරීමටත් ඔවුන්ට අවස්ථාව ලැබෙයි.




ප්‍රියන්ත හෙට්ටිගේ











