2026 ජුනි 19 වැනි සිකුරාදා ප.ව. 5.30ට කොළඹ 2 යුනියන් පෙදෙසේ පිහිටි Hilton Colombo Residences හිදී Colombo EV Motor Show 2026 හිදී ප්‍රදර්ශනට අදාළ මාධ්‍ය හමුව සාර්ථකව පැවැත්වේ. Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්රයේ වඩාත්ම අපේක්ෂිත හා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ප්‍රදර්ශනයක් වන Colombo EV Motor Show 2026, Asia Exhibition & Conventions (Pvt) Ltd ආයතනය විසින් අඛණ්ඩව තෙවැනි වරටත් සංවිධාන කරනු ලබයි.
මෙවර ප්‍රදර්ශනය 2026 ජුනි 26 සිට 28 දක්වා දින තුනක් පුරා පෙ.ව. 10 සිට රාත්‍රි 9 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානය (BMICH) පරිශ්‍රයේදී පැවැත්වේ.




ප්‍රියන්ත හෙට්ටිගේ











