එක්සත් රාජධානියේ (එංගලන්තයේ) ‘ටීස්සයිඩ් විශ්විවද්‍යාල (Teesside University) සහ ශ්‍රී ලංකාවේ ‘බීඑම්එස් කැම්පස්’ (BMS CAMPUS) උසස් අධ්‍යාපන ආයතනය අතර උපාධි පාඨමාලා පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා ගිවිසුම් අස්සන් කිරීම පසුගියදා දෙරටේ උසස් අධ්‍යාපන ආයතන දෙක සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අතර සිදුකෙරිණි. ඉන් පසුව මෙම නව වැඩපිළිවෙළ එළිදැක්වීම සහ මාධ්‍යයට හෙළිකිරීම සඳහා සාකච්ඡාවක්ද පැවැත්විණි. Sri Lanka Latest News
මෙම නව උපාධි වැඩසටහන යටතේ මුලින්ම අනුක ජීවවිද්‍යාව සහ පිළිකා රෝග අධ්‍යයනය (Cancer and Molecular Diagnostics) පිළිබඳ එක් උපාධි වැඩසටහනක්ද, ඩිජිටල් පරිවර්තනය (Digital transformation) විෂයට අදාළව තවත් උපාධි වැඩසටහනක්ද පවැත්වෙනු ඇත. මෙහිදී ඒ සඳහා සහභාගි වන සිසුන්ට අදාළ උපාධි පිරිනමනු ලබන්නේ එංගලන්තයේ ටීස්සයිඩ් විශ්වවිද්‍යාලය මගිනි. ඒ අතරම මේ සඳහා අදාළ අධ්‍යාපනික වැඩසටහන් ශ්‍රී ලංකාවේ BMS CAMPUS විසින් මෙහෙයවනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ වසර 25ක ඉතිහාසයක් ඇති ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයකි.
මෙම ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් අධ්‍යාපන ආයතනයක් වන අතර, මෙහි සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා විසිනි.
BMS CAMPUS පසුගියදා ඔවුන්ගේ 25 වැනි රිදී ජයන්තිය සමරනු ලැබුවේය. මෙම උසස් අධ්‍යාපන ආයතනය මේ වනවිට විවිධ විෂයන් ගණනාවක් හරහා තම උපාධි වැඩසටහන් මෙහෙයවනු ලබයි. ඒ යටතේ සිසුන් දහස් ගණනකට උපාධි පිරිනැමීම සිදුකර ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ











