DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ.
මෙවර Euromoney සමීක්ෂණය පවත්වන ලද්දේ 20 වැනි වරට වන අතර, DFCC බැංකුව ඊට ඉදිරිපත් වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 2020 වසරේදී මෙම සමීක්ෂණයේ ‘මුදල් කළමනාකරණය සම්බන්ධ විශිෂ්ටතම සේවාව’ සම්මානය දිනාගැනීමට DFCC බැංකුව සමත් වූ අතර, 2021 වසර සඳහා ප්‍රථම වරට වෙළෙඳපොළ ප්‍රමුඛතා සම්මානයකින් පිදුම් ලැබීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.
DFCC iConnect යනු අති-නවීන මුදල් කළමනාකරණ විසඳුම් පිරිනමන ඉලෙක්ට්‍රොනික බැංකුකරණ සේවාවකි.
එය නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉතාමත් පහසුවෙන්, ද්‍රවශීලතාව, ගෙවීම් සහ මුදල් කළමනාකරණය යනාදී අංශවලට අදාළ එදිනෙදා බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙයි.
මෙමගින් ගනුදෙනුකාර ආයතනවල මූල්‍ය හා භාණ්ඩාගාර අංශවලට, මෙරට මෙන්ම විදේශ රටවල සිට, තම සමාගම සතු DFCC බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ.
එමගින් සජීවීව ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීම, දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් සිදුකිරීම සහ ගෙවීම් භාරගැනීම යනාදී අවශ්‍යතා රාශියක්, වසරේ සෑම දිනකම පැය 24 පුරා ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවේ.