• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef’ වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම එළි දක්වයි! PHOTOS I Sri Lanka Latest News

July 7, 2025
in Business
Reading Time: 8 mins read
A A
දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef’ වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම එළි දක්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවතම Banijay අයිතිවාසිකම් ගිවිසුමෙන් පසු MasterChef ගෝලීය වශයෙන් රටවල් 71 දක්වා ව්‍යාප්ත වේ

ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ MasterChef ගෞරව නාමය

ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනෙහි ශ්‍රී ලාංකේය ප්‍රථම එළිදැක්ම, කොළඹ Cinnamon Grand හිදී දියත් කිරීමත් සමඟින් මෙරට සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සහ රියැලිටි වැඩසටහන්කරණයේ නව යුගයක් ආරම්භ කිරීමට සමත් වූයේ ය. Banijay Entertainment හි ගෝලීය බෙදාහැරීමේ අංශය වන Banijay Rights හි හිමිකාරිත්වය දරන මෙම රියැලිටි වැඩසටහන, දේශීය සූප ශාස්ත්‍ර කර්මාන්තයට නව ජීවයක් ලබා දෙමින් මෙරට සූපවේදීන්ගේ දක්ෂතාවන් ජාත්‍යන්තර තලයේ වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙයි. Sri Lanka Latest News

මෙම වර්ණවත් සන්ධ්‍යාවේ දී, ශ්‍රී ලාංකේය ඉවුම් පිහුම් කලාවට නව මානයක් එක් කරන ‘MasterChef Sri Lanka’ රියැලිටි වැඩසටහන නිල වශයෙන් දියත් කරමින් එහි විනිශ්චය මණ්ඩලය හඳුන්වා දුන්නේ ය. කීර්තිමත් සූපවේදියෙකු, අවන්හල් හිමියෙකු සහ රූපවාහිනී මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක වන පීටර් කුරුවිට, ඕස්ට්‍රේලියානු MasterChef හි කැපී පෙණුනු තරඟකාරිනියක වූ සවින්ද්‍රි (Sav) පෙරේරා, මෙරට සුඛෝපභෝගී භෝජනාගාර ක්ෂේත්‍රයේ පුරෝගාමීයෙකු වන රොහාන් ප්‍රනාන්දුපුල්ලේ සහ පළපුරුදු සූප ශාස්ත්‍රවේදීයෙකු වන කපිල ජයසිංහ යන අයගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වේ.

ගිනස් ලෝක වාර්තා මගින් පිළිගෙන ඇති පරිදි, ලොව ජනප්‍රියතම වැඩසටහන් ආකෘතියේ 71 වන ජාත්‍යන්තර අනුවර්තනය මෙය වන අතර, Banijay Rights හි ආසියානු විධායක උප සභාපති රශ්මි බජ්පායි විසින් සිදු කරනු ලැබූ ගනුදෙනුවකට අනුව මෙය ක්‍රියාත්මක වනු ඇත. ‘‘මෙම ලෝක ප්‍රසිද්ධ වැඩසටහනේ නවතම අනුවාදය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත් වෙනවා. සැප්තැම්බර් මාසයේ දී විකාශය වන මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව සතු ප්‍රෞඪවත් ආහාර සංස්කෘතිය හා සූප ශාස්ත්‍රය, අංලකාරවත් අයුරින් ප්‍රදර්ශනය කිරීමට අපගේ රූපවාහිනී මාධ්‍ය සගයින් කටයුතු කරනු ඇතැයි’’ රශ්මි බජ්පායි පැවසුවා ය.

මෙම එළිදැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Reality TV Productions හි ව්‍යාපෘති සභාපති සහ සම නිර්මාතෘ අජිත් ගම්ලත් පැවසුවේ MasterChef Sri Lanka වැඩසටහන තුළින් ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන අත්දැකීමක් සමග දේශීය සූපශාස්ත්‍රවේදීන්ගේ හැකියාවන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තය කෙරෙහි ගෝලීය වශයෙන් අවධානයක් දිනා ගැනීමට හැකිවනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තරයේ පිළිගත් මෙවැනි රියැලිටි වැඩසටහන් දිගින් දිගටම ප්‍රේක්ෂකයින් වෙත හඳුන්වා දීම සඳහා Reality TV Productions විශාල වශයෙන් ආයෝජනයන් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලාංකේය මාස්ටර් චෙෆ් අධ්‍යක්ෂක සහ නිෂ්පාදක නිලේන්ද්‍ර දේශප්‍රිය, මෙම වැඩසටහනේ වරලත් හිමිකාරිත්වය ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබදව සිය අත්දැකීම් බෙදා හදා ගත්තේ මෙලෙසිනි.

‘‘ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිල වශයෙන් මාස්ටර් චෙෆ් වරලත් හිමිකාරිත්වය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වීම පිළිබදව මම ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම වැඩසටහන මෙරට සිටින දක්ෂතම සූපවේදීන්ට නොවේ. මෙය සාමාන්‍ය මිනිසුන් එහෙමත් නැතිනම් මෙරටේ සිටින සාමාන්‍ය ජනතාවටයි. සූපවේදී දක්ෂතාව පෙන්වන අතරතුරම පාරම්පරිකව ඔවුන් රැගෙන එනු ලබන ශ්‍රී ලාංකීය තමන්ගේ පවුල් වලින් සහ ඒ ඒ පළාත් වලින් ගෙන එනු ලබන සූපවේදී දක්ෂතාවයන් ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. නමුත් මෙය හුදෙක් සූපවේදී වැඩසටහනක් පමණක්ම නොවේ. මෙමගින් මෙම තරගයට සහභාගී වෙන පිරිමි තරගකරුවන් එකොළොස් දෙනෙක් සහ ගැහැණු තරගකාරිණියන් එකොළොස් දෙනෙක්ට ඔවුන්ගේ ජීවිතය සදාකාලිකවම වෙනස් කරන යතුර බවට මෙම වැඩසටහන පත්වෙනවා. එම නිසා නැටුම් සහ ගායනා වශයෙන් රියැලටි වැඩසටහනක් එහෙමත් නැත්නම් යාථාරූපී ටෙලිවිෂන් එහෙමත් නැත්නම් එම විභවයන්ට ලඝු කොට අවතක්සේරු කර තිබූ රටකට මාස්ටර් චෙෆ් ඉතාමත් අලුත් අත්දැකීමක් බවට පත් වෙනවා සේම මෙය ජයග්‍රාහකයාගේ හෝ ජයග්‍රාහිකාවගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට ද පත් වෙනවා’’

MasterChef Sri Lanka යනු අපගේ හොඳම රසයන්, ඉවුම් පිහුම් විලාසයන් සහ ආහාර සම්ප්‍රදායන් ලෝකය ඉදිරියට රැගෙන යාම බව සිය සතුටු ප්‍රමෝදය පළ කරමින් පීටර් කුරුවිට පැවසීය.

සිය තරඟකාරී අත්දැකීම යළි ආවර්ජනය කරමින් සවින්ද්‍රි (Sav) පෙරේරා මෙලෙස සඳහන් කළා ය. ‘‘MasterChef Australia වැඩසටහනට සම්බන්ධ වීම මගේ ජීවිතයේ වෙනසක් ඇති කළා වගේම අපගේ ඊළඟ විශිෂ්ටතම සූපවේදියා සොයා යන ගමනට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම මට ඉතා සුවිශේෂියි. මෙම රියැලිටි ප්‍රදර්ශනය, සිය දක්ෂතාවයන් තුළින් ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට ඇති වැඩසටහනක් පමණක් නොව, ආහාර සංස්කෘතියේ විචිත්‍රත්වය හරහා ශ්‍රී ලාංකිකයන් යනු කවුරුන්දැයි සමස්ත ලෝකයටම කියාපෑමට හැකි වනු ඇත’’

කථාංග 25 කින් සමන්විත MasterChef Sri Lanka හි පළමු කතාමාලාවේ මූලික නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, 2025 සැප්තැම්බර් මාසයේදී ITN නාළිකාව ඔස්සේ මෙය විකාශය වීමට නියමිතය. මෙහි ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක් සහ ශ්‍රී ලාංකේය පළමුවැනි නිල MasterChef ලෙසින් පිදුම් ලැබීමට ද අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ මීළඟ සූපශාස්ත්‍ර තරුව වීමට සිහින දකින අයට දැන් masterchefsl.com වෙබ් අඩවියෙන් හෝ WhatsApp +94 7875 2870 වෙත පණිවිඩ යැවීමෙන් සිය අයැදුම්පත් යොමු කළ හැකිය. අයැදුම්කරුවන් වයස අවුරුදු 18 ත් 55 ත් අතර විය යුතු අතර, අනෙකුත් සුදුසුකම් හා නිර්ණායකයන්ට  අදාළ වේ.

උද්යෝගයෙන් යුතුව අයැදුම්කරුවන්ගේ ඇතුළත් කිරීම් අඛණ්ඩව ගලා ඒමත් සමග MasterChef Sri Lanka, වසරේ වඩාත්ම ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නා රූපවාහිනී රියැලිටි අත්දැකීම්වලින් එකක් බවට පත් වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ගෘහ සූපවේදීන්ට ඔවුන්ගේ රියැලිටි සිහිනයන් හඹා යමින් සිය දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන අද්වීතිය අවස්ථාවක් සපයනු නොඅනුමානය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සුපිරි කොලිවුඩ් නළු සත්‍යරාජ් චෙම්මනි මිනීවළ ගැන ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

බස්නාහිර කොමසාරිස් සාරංගිකාගේ රහස් ඡන්දයට එරෙහිව සීතාවක විපක්ෂයේ මන්ත්‍රීවරු ගොනුකළ පෙත්සම 09 වැනිදා කැඳවනවා! I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.