ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා රක්ෂණ සේවා පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දැනුම ඉහළ නැංවීම, මාර්ග අනතුරු වළක්වාලීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂිත රක්ෂණ පැකේජයක් හඳුන්වා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග උපායමාර්ගික සහයෝගීතාවකට එළඹීම පසුගියදා සිදුවිය.
මේ අනුව එළඹෙන 2021 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සම්මේලනය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුග්‍රාහකත්වය දක්වනු ලබයි.
එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දායකත්වයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සමග එක්ව මාර්ග ආරක්ෂාව සහ අනතුරු වළක්වාලීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මාධ්‍ය සම්මන්ත්‍රණ සහ සමාජ මාධ්‍ය ජාල සඳහා වැඩසටහන් පැවැත්වීම මේ ඔස්සේ සිදුකරනු ලැබේ.











