AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි. එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත් AIA ඇගයීමට ලක්වී ඇත.
2020 වසර සඳහා සිදුකරන ලද Great Place to Work® Trust Index© සමීක්ෂණය සහ Culture Audit© ප්‍රශ්නාවලිය සඳහා මෙරට සමාගම් අතරින් ඉහළ ලකුණු ලබාගනිමින් AIA ඉන්ෂුවරන්ස්, මෙම ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියන්නට සමත් විය.
AIA ඉන්ෂුවරන්ස්හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් “මෙම සම්මානයට නොකඩවා හිමිකම් කීමට හැකිවීම මගින් අප සමාගම, අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇති කැපවීම මැනවින් පිළිබිඹු වෙනවා. ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ අපගේ සන්නාම ප්‍රතිඥාව හා බැඳෙමින් අපගේ සේවක මණ්ඩලයේ සෞඛ්‍ය, සතුට සහ සුබසිද්ධිය ප්‍රමුඛත්වයේලා ක්‍රියා කිරීමට අප සැමවිටම උත්සාහ ගන්නවා. රැකියාව කිරීම සඳහා විශේෂකොට සැලකෙන, විශිෂ්ට සේවායෝජක සමාගමක් බවට AIA තේරී පත්වීමට හේතුව මෙයයි”











