ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමිවී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදී.
mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂ, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්‍රියාත්මක වන මෙය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳ වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි.
මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේය. මෙය ශිෂ්‍යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.