• SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි
• 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවීය. SLT-MOBITEL මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරාගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල්කරගනිමිනි. තිරසාරත්වයේ සැබෑ අරුත පෙරදැරිව, SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවද හොඳින් අවබෝධ කරගෙන සිටී.
‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ දියත් කර ඇති මෙම රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.
පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මෙම වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වනවිට SLT-MOBITEL මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ මහනුවර ඇතුළු ප්‍රදේශවල මී ශාක 1,000 ක් පමණ බෙදාදී හෝ සිටුවා ඇත.
සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුකරන ප්‍රමුඛතම දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසරය දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමටද SLT-MOBITEL කටයුතු කළේය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැල සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදී. මෙම රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටී.