• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වනසන්නන්ට විනාශයම ළඟා කරන ලංකාවේ විශේෂි තැන!

June 27, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
වනසන්නන්ට විනාශයම ළඟා කරන ලංකාවේ විශේෂි තැන!
Share on WhatsAppShare on Facebook

ඉතිහාසගත විවිධ කරුණු කාරණා ජනප්‍රවාද ගැන විමසීමේදී හෙළිවන ඇතැම් කරුණු විස්මයජනක වෙයි. තවත් කොටසක් විශ්වාස කළ නොහැකි වෙයි. ඒ කෙසේ නමුදු විවිධ ඉතිහාසගත කරුණුත් ජනප්‍රවාදත් ඇසුරේ හෙළ ඉතිහාසයට අයත් බොහෝ වටිනා දේ හඳුනාගන්නට අවස්ථාව ලැබේ. ඒ අනුව හෙළයේ පිහිටි විස්මිත ස්ථානයක් ගැන තොරතුරු රාශියකි. එම තොරතුරු අනුව අදාළ ස්ථානය විනාශ කරන්නන්ට ඊට හානි කරන්නන්ට නිතැතින්ම විනාශය ළඟා වේ. එය වනසන්නන්ට විනාශය ළඟා වන්නේ අතීතයේ රාවණ රජු නියම කළ නිර්දේශයන්ට අනුව බවත්, ඒවා වස්කවි, කොඩිවිනවලට වඩා බලවත් බවත් මේ වන විට ජනයා අතර ප්‍රසිද්ධව පවතී. මේ පිළිබඳ පැවසෙන ජනප්‍රවාද රාශියක් ගැනද ඉතිහාසයේ සඳහන් වෙයි.

එකී සුවිශේෂ ස්ථානය වනුයේ නීලගිරියයි. මෙය රාවණ රජුගේ කාලය දක්වා දිවෙන සබඳතා ඇති ඉසව්වක් සේ ප්‍රකට වෙයි.

යක්ෂ ගෝත්‍රිකයන්ට අයත් වර්ගපූර්ණිකාවත්, නාග ගෝත්‍රිකයන්ට අයත් සුන්දලපූර්ණිකාවත්, දේව ගෝත්‍රිකයන්ට අයත් විදුෂපූර්ණිකාවත් යන ඉතිහාසය ගැන ලියැවුණු පුස්තක තුනම හෙළිකරන එක් පොදු අනාවැකියක් වෙයි. එම පොදු අනාවැකිය ලියවී ඇත්තේ ඉහතින් කියූ නීලගිරිය සම්බන්ධයෙනි.

එම පුස්තකයන්ට අනුව රාවණගේ පුත් මේඝනාද සිහිනයක් දැක තිබේ. එම සිහිනයට අනුව මේඝනාද දැක ඇත්තේ හිස පොළොවට තබා අහසට දෙකකුල් ඔසවා ගමන් කරන දත්වලින් නොව දිවෙන් සිනාසෙන ගුද මාර්ගයෙන් ආහාර ගෙන මුඛයෙන් අසූචි හෙළන අඩක් ස්ත්‍රී අඩක් පුරුෂ අරුමපුදුම මිනිස් සිරුරකි.

එම සිහිනයට අනුව ඉහත සඳහන් කළ සුවිශේෂ ඉසව්ව වන නීලගිරිය අනාගතයේදී විනාශ කෙරෙන බව හඳුනාගෙන ඇති අතර, මඟුල් ඇතකුට දණ ගසන්නට ඔටුනු දරන රජකු නැති කල මෙම විනාශය ඇරඹෙන බවට හඳුනාගෙන ඇති අතර, මිථ්‍යාවන්ට හසුවූ ආශාවන්ට වහල් වූ පිරිස් මෙම විනාශයට මුල්වන බවත් ප්‍රකාශ කර තිබේ.

එවන් පිරිස් සොබාදහමට, බුදුරදුන්ට, යක්ෂයන්ට, නාගයන්ට ද්‍රෝහිකම් කරන බවද පැවසේ. මේ තත්ත්වය මත දේශය සෝදාපාළුවට ලක්වන බව එදා යක්ෂ ගෝත්‍රිකයන් හඳුනාගෙන ඇති අතර රාවණයන් මේ බව දැක එසේ විනාශ කරන්නන්ට දඬුවම් ලෙස ශාප කළ බව පැවසේ. එම ශාපයන්ට අනුව යක්ෂණියන් තිදෙනකුගෙන් දඬුවම් ලැබෙන බවට ප්‍රකාශ වේ. එම යක්ෂණියන් වන්නේ කර්ණාධි, විෂුධි සහ මාලි යන අයයි. රාවණගේ ඒ ශාපයට අනුව නීලගිරිය වනසන, රටට විනකරන අයගේ පරම්පරා විසිඑකක් මෙම යක්ෂණියන්ගේ ග්‍රහණයට හසුවීමට නියමිතය.

එලෙස ග්‍රණයට හසුවීම මත දරු පවුල් අතර බැඳීම් දෙදෙරා යනු ඇත. බුද්ධිය විනාශ වෙයි. දරුවන් විනාශ වෙයි. පීඩාකාරී රෝග ගෙනදෙයි. මරණයට පසු පාතාල අංගාර වධකාගාරයේ උපත ලබයි. එය අවීචි මහා නරකාදියේ දරුණුතම කොටස ලෙසද සැලකේ.

එමෙන්ම නීලගිරියට නාග ගෝත්‍රිකයන්ද දැඩි ලෙස ආදරය කර තිබේ. ඒ අනුව නීලගිරිය වනසන්නා, නා ලොව නාග කුමාරිකාවන්ගේ ශාපයට ලක්වෙයි. එයින්ද මහත් විනාශ අත්පත් වන බවට පැවසෙන අතර පරම්පරා ගණනාවක් යනතුරු නාග කන්‍යාවියන්ගේ ශාපය ක්‍රියාත්මක වන බවටද විශ්වාසයක් වෙයි.

දේව ගෝත්‍රික ශාපයද එලෙසම ක්‍රියාත්මක වන අතර මෙම විනාශයන් සිදුකරන අයට කිසිදා කිසිදු ආකාරයකට සැඟවී සිටීමට, මඟහැරීමට දේව ගෝත්‍රික දේවතාවියන් අවස්ථාව නොදෙයි. ඔවුන් හඳුනාගෙන නිසි ලෙස දඬුවම් පමුණුවයි.

රාවණ රජු එදා බුදුරදුන්ගේ පහළවීම මනසින් දැක තම පොතක ඒ බව ලියා තැබීමට කටයුතු කර ඇති අතර, එම සටහන මෙසේ විස්තර වෙයි.

මටත් වඩා බුද්ධියෙන් යුත් බුදුරජාණන්වහන්සේ නමක ලොව පහළ වන අතර එම උත්තමයන් බුද්ධියෙන් අග්‍ර වෙයි. හැඟීම් මනාව පාලනය කළ අයකු වෙයි. සැමට යහපත සලසන නිවුණු අයකු වෙයි. එම බුදුන්වහන්සේ මගේම පරපුරට ඥාති වෙයි. එම උතුමන්ට මෙම නීලගිරි භූමිය භාරවෙයි. එහෙයින් මෙම විශේෂ භූමිය සුරකින ලෙස රාවණයන් සිය පරපුරෙන් ඉල්ලා සිටි බවද ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි.

එහෙයින් හෙළ බිමේ සුවිශේෂ ඉසව්වක් ලෙස නීලගිරිය හඳුන්වා දීමට රාවණයන් ක්‍රියා කර ඇති අතර, රාවණයන්ගේ මතයට අනුව මෙම භූමිය කිසිදා කිසිවකු විනාශ කිරීමට හෝ එසේ කිරීමට සිතීමද නොකළ යුතු වෙයි. එවන් හැඟීමක් පහළ කර ගැනීම පවා සිය විනාශයට අතවැනීමක් බව රාවණ පවසා ඇති බව හෙළ ජනප්‍රවාදවල සඳහන් වෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

තෙල් ගන්න කාංචන එක්ක නසීරුත් අද රෑ කටාර් යයි! එන ගමන් ශ්‍රී ලංකන් එකත් විකුණගෙන එයිද?

Next Post

SLT-MOBITEL රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.