ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ ‘රට දිනන සිඟිත්තෝ’ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය.
විදේශ රැකියාවල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ.
ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියෝග ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී සිටී. මෙම අභියෝග ජයගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයෝ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මෙම පිරිස ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව, ්HNB Assurance සහ SLT-MOBITEL ප්‍රධාන හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින් ‘රට දිනන සිඟිත්තෝ’ වැඩසටහන දියත් කළේය. මෙම වැඩසටහනට මගපෙන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්වී සිටී.
ජාතික තලයේ වැඩසටහන්වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක් වශයෙන්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන්වලට තම දායකත්වය ලබාදීමටත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත් SLT-MOBITEL කටයුතු කරමින් සිටී.