විසි පස් වැනි වරටත් සංවිධානය කෙරෙන ‘SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb 2021’ ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටර් රථ ක්‍රීඩා සමාජය (SMCS) හා අත්වැල් බැඳ ගැනීමට, ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් (Fiber Broadband) අන්තර්ජාල පහසුකම් සම්පාදකයා වන SLT-MOBITEL ආයතනය පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත මෝටර් රථ ක්‍රීඩා තරගාවලියට SLT-MOBITEL අනුග්‍රහය හිමිවන්නේ අඛණ්ඩව හයවැනි වරට වීම ද විශේෂත්වයකි. පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැති මාධ්‍ය හමුවකදී මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කෙරුණි.
මෙම උද්වේගකර මෝටර් රථ ධාවන සැණකෙළිය, යතුරු පැදි ධාවන තරග ඉසව් 16කින් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 17කින් සමන්විතය. ඊට අදියර තුනක් යටතේ මීටර 600ක කඳු නැග්මක්ද ඇතුළත් ය. තරගාවලියේ යතුරු පැදි ධාවන තරග එළඹෙන පෙබරවාරි 27 වැනිදාද, මෝටර් රථ ධාවන තරග පෙබරවාරි 28 වැනිදාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සියලු පාර්ශ්වවල ආරක්ෂාව තහවුරු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති සියලු මාර්ගෝපදේශ සහ උපදෙස්වලට අනුකූලව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.