අභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.
පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6%කින් වර්ධනයවී රු. බිලියන 52.9ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර ලාභය 19.8%කින් වර්ධනයවී රු. බිලියන 7.2ක් ලෙස වාර්තා වේ. රට තුළ පවතින අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා සාර්ථක ලෙස අභියෝගවලට මුහුණ දීමට SLT සමූහයේ ව්‍යාපාර ආකෘතියට හැකියාව ඇති බවට මෙය මනා සාක්ෂියකි.
මෙහෙයුම් කාර්යක්ෂමතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් SLT සමූහයේ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) 2022 ප්‍රථම අර්ධය තුළ රු. බිලියන 20.9 දක්වා වර්ධනය වී තිබේ. මෙය පෙර වසරේ තත් කාලසීමාවට සාපේක්ෂව 7.8%ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ EBITDA ආන්තිකය 39.7%ක් ලෙස වාර්තා වේ.
පෙර කාර්තුවේ වාර්තා කළ සාර්ථකත්වය තවදුරටත් පවත්වා ගනිමින්, 2022 වසරේ දෙවැනි කාර්තුව තුළ පෙර කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය 4%කින් වර්ධනය කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ දූරදර්ශී විදේශ විනිමය ක්‍රමෝපාය නිසා, කාර්තුව තුළ රු. මිලියන 135ක විදේශ විනිමය ලාභයක් වාර්තා කරගැනීමට හැකියාව ලැබිණි. එනමුත්, ප්‍රධාන වශයෙන් ආදායම් බදු වියදම් ඉහළ යාම හේතුවෙන්, දෙවැනි කාර්තුව තුළ බදු පසු ලාභය 26.5%කින් පෙර කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇත.