• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වගා හානියට වන්දි විදියට තනතුර අහිමි වුණ දඬුලේනා…

August 22, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වගා හානියට වන්දි විදියට තනතුර අහිමි වුණ දඬුලේනා…
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය කියවන්න ගන්නකොට ඔබ මගෙන් අහයි යකෝ මේ රටේ ප්‍රශ්නවල හැටියට ඕවත් ප්‍රශ්නද කියලා. නෑ, ඇත්තටම මේක ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද ප්‍රශ්නෙ? රටක ජාතික සත්වයා, ජාතික පුෂ්පය, ජාතික ක්‍රීඩා මේවා නම්කරන්නේ ස්ථාවරව. හිතුණු හිතුණු වෙලාවට වෙනස් කරන්න නෙවෙයි. එහෙම වෙනස් කළා කියලා ඒක රටට බලපාන්නෙ කොහොමද, මිනිසුන්ගෙ ජීවිතවලට බලපාන්නෙ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ඇත්තටම ඒකට දෙන්න උත්තරේකුත් නෑ.

එහෙම මිනිසුන්ගෙ ජීවිතවලට විශාල බලපෑමක් මේකෙන් එල්ල වෙනවා කියලා කියන්න බෑ තමයි. ඒත් මේ රට ඇයි ජාතික සත්වයාව වෙනස් කරන්නේ? එහෙම වෙනස් කරන එක ලොකු ප්‍රශ්නයක්. අපි අපේ ජාතික ක්‍රීඩාවත් වෙනස් කරපු රටක් නේ. මෙහෙම එක එක දේවල් වෙනස් කරමින් ගිහිල්ලා අන්තිමට කොහොම හරි ලංකාවෙ නමත් වෙනස් කරගත්තොත් මේ ණය කන්දරාවෙන් බේරෙන්න අපට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව එහෙම රටක් ලෝකෙ නෑ කියලා අපට කියන්න පුළුවන් නේ. ශ්‍රී ලංකාව තමයි අපෙන් ණය ගත්තේ කියලා කිව්වාම, අපේ නම වෙන මොකක් හරි වුණා නම් අපට කියන්න පුළුවන් ලෝකෙට අපේ රටේ කවුරුත් ණය අරගෙන නෑ. අපේ රට අලුත් රටක්. මේක බ්‍රෑන්ඩ් නිව් වර්ෂන් එකක්. ඒ පරණ වර්ෂන් එක. ඒක දැන් නෑ. ඉතින් කරන්න දෙයක් නෑනෙ. ඒ හින්දා ඒවා ගොන් පාට්. හැබැයි මේ කතන්දරේ ඇතුළේ වෙනම අර්ථයක් තියෙනවා. මොකක්ද මේ දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න හේතුව? ගොවියො ඉල්ලීමක් කරනවා. මිනිස්සු ඉල්ලීමක් කරනවා. මේ සතා අපේ වගා බිම් හානිකරනවා, පුදුම කරදරයක් කරන්නේ මේකා කියලා. ඒ නිසා අපිට මූ මරන්න බෑ. හානි කරන්න බෑ සතාට. හේතුව තමයි මූ ජාතික සත්වයා වීම. දඬුලේනා නිදහස් කරගන්න සහ ඌ රැකගන්න තියෙන එකම විකල්පයත් මේක ඉවත් නොකර සිටීම. අහිසංක සත්තු කී දාහක් මේකෙන් පස්සේ මැරිලා යයිද කියලා අපට අවංකව සහ වගාබිම්වල වේදනාව නොදැන කියන්න පුළුවන්. ඒත් වගාවන් විනාශ කිරීම ගැන ඒ මිනිසුන්ගෙන් ඇහුවොත් ඒ මිනිස්සු තරම් මේකෙන් පීඩා විඳින කෙනෙක් මේ ලෝකෙ නෑ. ඇත්තටම දඬුලේනා කියලා කියන්නේ දැඩි ලෙස වගාවන්ට හානි කරන සතෙක්. වගාවන්ට විතරක් නෙවෙයි, කොස් ගහට, අඹ ගහට, දෙල් ගහට, මේ විදියට බවබෝග හැදෙන ගස් කොළන් සියල්ලටම දඬුලේනා හානි කරනවා. පොල් ගහේ ඇට්ටි කාලෙදි පොල් ගෙඩිය කඩලා බිම දානවා. නොයෙක් පලතුරු ගස්වලටත් එහෙමයි. මේ විදියට දඬුලේනාගෙන් හානි සිදුවෙනකොට මිනිසුන්ට වතුපිටි දාලා අතහැරලා යන්න හිතෙන තරමට මේ ප්‍රශ්නෙ දරුණු වෙනවා. හැබැයි දඬුලේනා විතරක් නෙවෙයි. මේ විදියටම වගාවට හානි කරන තවත් සත්තු ඉන්නවා. මිනිසුන්ගෙ ජන ජීවිතය අඩාළ කරන සත්තු ඉන්නවා. ඒ කවුද කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි සමහර විට. එක්කෙනෙක් තමයි වඳුරා. දඬුලේනා තරම්ම වඳුරාගෙනුත් කරදරයි. දඬුලේනාටත් වඩා වඳුරාගෙන් කරදර වෙන්නේ රංචු පිටින් ඇවිල්ලා ගේ දොරවල තියෙන දේවල් පවා හොරකම් කරගෙන යන තැනට පත්වෙන හින්දා.

ඒ වගේ තවත් සතෙක් තමයි අලියා. හැබැයි ඊටත් වැඩිය වගාවන්ට හානි කරන සත්තු දෙදෙනෙක් විදියට මොනරා සහ ගිරවා හඳුන්වා දෙන්න පුළුවන්. හැබැයි මේ සත්තුත් විවිධ කාරණා නිසා මරාදැමීමට පහර දීමට නොහැකි තැනට පත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වඳුරා ලංකාවෙ නැතත් ඉන්දියාවෙ අතිශය වන්දනාවට පාත්‍රවෙන සතෙක්. ලංකාවෙත් ඇතැම් ප්‍රදේශවල වඳුරාට යම් ගරුත්වයක්, දේවත්වයෙන් ඇදහීමක් තියෙනවා. ඒ වගේම මොනරා කියලා කියන්නේ කතරගම දෙවියන්ගේ වාහනය. මොනරු බහුලව ඉන්නේ මොනරාගල, කතරගම වගේ ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල මිනිස්සු කිසිසේත්ම වගාවන්ට මොන හානි කළත් මොනරා ප්‍රසිද්ධියේ මරාදැමීමට කැමැති වෙන්නේ නෑ. ඒ නිසා මොනරාගෙන් සිදුවෙන හානියට කරන්න දෙයක් නැති තැනට ඒ මිනිස්සු පත්වෙලා ඉවරයි.

ගිරවා කියන සතාට නම් යම් විදියකට හානි කරන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැති වුණත් ගිරවා කියන්නේ ඉතා අහිංසක පුංචි සතෙක්. ඒ වගේම අලියා මරා දැමීම මනුෂ්‍ය ඝාතනයක් හා සමාන වරදක් නිසා අලි මරන්න මිනිස්සු බයයි. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තම අපි සත්තුන්ගෙ පැත්තෙන් කතා කළාට මිනිස්සුන්ගෙ පැත්තෙන් කතා කළාම ඇත්තටම මිනිස්සු පව්. මිනිස්සු හරි අසරණයි. මිනිස්සු වගාවන් කරන්නේ, බවබෝග අස්වනුවලින් තමන්ගෙ ජීවිත සාර්ථක කරගන්න. කන්න බොන්න, අඳින්න පලඳින්න. ජීවිතේ හදාගන්න. එහෙම අවස්ථාවක් වෙනුවෙන් හීන දකින මිනිසුන්ගෙ ජීවිත උඩු යටිකුරු කරලා දානවා නම් ඒක හරි භයානක තත්ත්වයක්. ඉතින් ඒ භයානක දේ දඬුලේනා කරනවා නම් දඬුලේනාට විරුද්ධව පියවරක් ගන්න එකත් සාධාරණයි. අන්තිමට මෙහෙම එකක් තියෙනවනේ. දඬුලේනාගෙන් පස්සේ කවුද අපි ජාතික සත්වයා බවට පත්කර ගන්නේ? ලංකාවෙ මිනිස්සු හිතන පතන විදියයි, ලංකාවෙ මිනිස්සු තීරණ ගන්න විදියයි, ලංකාවෙ මිනිස්සු විශේෂයෙන්ම දේශපාලනය කරන විදියයි මේ මොහොතේ පවා ලංකාවේ දේශපාලකයො කතාකරන කියන දේවල් එක්ක ගත්තට පස්සේ අපට තියෙනවා යෝජනාවක්. මේ රටට වඩාත්ම ගැළපෙන ජාතික සත්වයා මොකාද කියන එක ගැන. ඒ ජාතික සත්වයා මොකාද කියන එක ගැන ඔබටත් විවිධ යෝජනා ඇති. අපි මේ ලිපිය සමාජ ජාලවල පළ කළාට පස්සේ අපේ ‘මව්රට’ වෙබ් අඩවියේ පළවුණාට පස්සේ අපි අපේ තියෙන සමහර ලිපි ට්විටර් ඔස්සේ ඔබට එවනකොට ඔබට පුළුවන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඔබට පුළුවන් යෝජනා කරන්න අපේ රටේ මිනිස්සුන්ගෙ ඇවතුම් පැවතුම්, චාරිත්‍ර වාරිත්‍ර, සාමාන්‍ය ජීවිතේ ගතකරන ආකාරය සහ විශේෂයෙන්ම බුද්ධි මට්ටම ගැන සැලකිලිමත් වෙලා අපිට ගැළපෙන සතා මොකාද කියලා අපි යෝජනාවක් කරනවා. තරහා වෙන්න එපා. මේ දේවල් දකිනකොට මේ දේවල් ඇහෙනකොට අපට හිතෙනවා දඬුලේනා ජාතික සත්වයාගෙන් අයින් කරලා, අපි බූරුවා ලංකාවෙ ජාතික සත්වයා කළා නම් වැඩියෙන්ම ගැළපෙයි කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුව ප්‍රමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි…

Next Post

SLT සමූහය 2022 ප්‍රථම අර්ධයේ අභියෝගකාරී සමාජ ආර්ථික පරිසරය තුළ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කරයි…

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.