මැලිබන් බිස්කට් සමාගම මගින් අඛණ්ඩව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබීය.
ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනාගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. අඛණ්ඩව සිදුකරනු ලබන එම සමාජ සත්කාරය යටතේ අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා ඇති, නමුත් විවිධ වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන අරමුණු සපුරා ගැනීමේ ගැටලුවට මුහණපා සිටින දරුවන්ගෙන් තෝරාගත් අතිදක්ෂ දරුවන් රැසකට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම දරුවන්ගේ දිරියට අත්වැලක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සපුරා ගැනිමට ශක්තියක් වීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධිය පරිශ්‍රය ඉදිරිපිටදී සිදුකරනු ලැබූ මෙම අවස්ථාව සඳහා අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ගරු ජනක ජයසුන්දර සහ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්.එම්. ජී. සේනාරත්න යන මහත්වරුන්, මැලිබන් සමාගමේ නියෝජිත මහත්වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සහ සැදැහැතියන් විශාල ප්‍රමාණයක්ද සහභාගී විය.
මෙම සුවිශේෂ ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහනට සමගාමීව එම සමාගම විසින් පොසොන් පෝය කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුරය වෙත පැමිණෙන අතිමහත් වූ වන්දනාකරුවන් වෙනුවෙන් රෝද පුටු සත්කාරක වැඩසටහනක් සහ මැල්බන් බිස්කට් සහ තේ පැන් දන්සලක්ද සංවිධාන කරනු ලැබීය. එහිදී එම ආයතන ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසුවූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන දෙක අතර එම රෝද පුටු සත්කාර සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාකර දීම සුවිශේෂ කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කරගනිමින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි.