පාරිභෝගිකයන් හට උසස් සේවාවක් ලබාදීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) එහි ජංගම දුරකතන සේවා පිළිබඳ සහෝදර ආයතනය මොබිටෙල් සමග එක්ව flagship store සංකල්පයට අනුව නිර්මාණය කෙරෙන දීපව්‍යාප්ත Teleshop ශාඛා ජාලයේ දෙවන ප්‍රාදේශීය ශාඛාව මාතර නගරයේදී පසුගියදා විවෘත කෙරිණි.
මෙම නවතම ශාඛාව තුළින් දුරකතන සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන සේවා, සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා, නවීන තාක්ෂණයෙන් නිවාස බලගන්වන Smart home solutions, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ සේවාව, ගෘහස්ත විනෝදාස්වාද සේවා, අති නවීන දුරකතන හා සන්නිවේදන තාක්ෂණික උපාංග අලෙවිය යනාදී SLT හා මොබිටෙල් සේවා රැසක් එකම වහලක් යටදී මාතර නගරවාසීන්ට දැන් ලබාගත හැකිය. සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග පාරිභෝගික කේන්ද්‍රීය කඩිනම් සේවාවක් මෙහිදී ක්‍රියාත්මක වන අතර පාරිභෝගික ඉල්ලුම අනුව ඔවුන්ගේ නිවසටම භාණ්ඩ හා සේවා ශීඝ්‍රගාමී බෙදාහැරීමේ සේවාවක්ද ක්‍රියාත්මකයි.










