අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකුලව 2021 සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙනු ලබන ‘සැමට රැකවරණය‘ (Insurance for All) සංකල්පය යටතේ ‘විරු අභිමන් ‘ කොවිඞ් 19 රක්ෂණාවරණයේ දෙවන අදියර අතිගරු ජනාධිපති මැතිඳුන්ගේ සුරතින් 2020 දෙසැම්බර් මස 22 වන දින පෙ.ව. 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රියාවට නංවන ලදී. එහිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් මෙම රක්ෂණාවරණය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව රක්ෂණාවරණය අතිගරු ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමන්, කර්මාන්ත අමාත්‍යතුමන්, ආරක්ෂක ලේකම්තුමන්, සහ ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්ත සංගමයේ උප සභාපතිතුමන් සහ ලේකම්තුමන් වෙත ප්‍රදානය කරන ලදී.
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද කොවිඞ් 19 වසංගත තත්ත්වය බලවත්ව ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය නිරීක්ෂකයන්ගේ මතයයි. එසේ තිබියදීත් වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමෘද්ධි නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන් තම ජීවිත අවදානමද නොතකා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කිරීම පිළිබඳව ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔවුන් ‘ විරුවන්’ ලෙස සලකන්නේ එබැවිනි.










