සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම මන්නාරම ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට කටයුතු කළේය.
ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 181, තලේමන්නාරම පාර, මන්නාරම යන ස්ථානයේ පිහිටා ඇත. 023 222 3241 සහ 023 222 3242 යන දුරකතන අංක සහ [email protected] ඊමේල් ලිපිනය ඔස්සේ සෙලාන් බැංකුවේ මන්නාරම නව ශාඛාව සමග සම්බන්ධ විය හැකි වේ.
ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක මෙම නව ශාඛාව පිහිටා ඇත. සාමාන්‍ය රාජකාරී වේලාවන් තුළ ශාඛාව විවෘතව පවතින අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිසි පරිදි සපුරාලීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම ශාඛාව සතුව පවතී.
පවතින තත්ත්වය හමුවේ සෙලාන් බැංකුව සෞඛ්‍ය බලධාරීන් නියම කරන ලද මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරමින් තම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර, සෑම විටම එම මාර්ගෝපදේශ පිළිපදින මෙන් තම ගනුදෙනුකරුවන්ගෙන්ද ඉල්ලා සිටී. තම එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා සඳහා තම නිල වෙබ් අඩවිය වන www.seylan.lk ඔස්සේ සහ අනෙකුත් ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ පිරිනමන සේවාවන් භාවිත කළ හැකි බවද සෙලාන් බැංකුව සිහිපත් කරයි.











