සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපයේ ප්‍රථම වරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දුන් බව පසුගියදා නිවේදනය කරන ලදී.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම සේවාවේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ ගනුදෙනුව සම්පත් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදදී සිදුකරන ලදී.
මෙම සේවාව යටතේ සම්පත් WePay යෙදුම (app) භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මත දිස්වන QR කේතය ස්කෑන් කිරීම තුළින් දිවයින පුරා පිහිටුවා ඇති ඕනෑම සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ලබාගැනීමේ හැකියාව සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන් වෙතද උදාකර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙහි තිරය හෝ මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව අවදානම අවම කිරීම හා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම සේවාව වර්තමානයේ ක්‍රියාත්මක ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ වුවද ආරක්ෂිතව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබාගැනීම සඳහා කදිම විසඳුමක් වනු නිසැකය.