ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේදී විවෘත කෙරිණි.
විවිධ සංකල්පයන්ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම නව මට්ටමකට ගෙන ඒම අරමුණු කරන මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල්හි 75 වැනි ප්‍රදර්ශනාගාරයද වේ.
පුළුල් දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර සහ ලොව පුරා විසිරුණු අලෙවි ජාලයක සහය ඇතිව, රොසෙල් විසින්, අග්‍රගණ්‍ය නිමාවෙන් යුත් උසස් තත්ත්වයේ ටයිල් සහ බාත්වෙයා උපාංග රැසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇත.
වර්ග අඩි 4,780ක ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප මන්දිරය, 128 A, ප්‍රධාන වීදිය, කල්මුණේ-12 ලිපිනයේ පිහිටා ඇත. එය 700කට අධික විවිධ සංකල්පයන්ගෙන් සමන්විත ටයිල් සහ 150කට අධික බාත්වෙයා උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම් නව මට්ටමකට ගෙන ඒමට අරමුණු කරයි. සුවිශේෂ ජීවන ඉඩහසර තුළ විශිෂ්ට නිර්මාණාත්මක ටයිල් සහ බාත්වෙයා උපාංග ප්‍රදර්ශනය කෙරෙන්නා වූ මෙම නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ නව අත්දැකීමක අසිරිය විඳගන්නා මෙන් රොසෙල් සිය පාරිභෝගිකයන් හට ඇරයුම් කරයි.