මෙම මහා තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සැලයුම්කරු වන JAT Holdings PLC විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙත තම අනුග්‍රාහකත්වය ලබාදෙන බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදී. මෙහිදී මෙම අනුග්‍රහය වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික Battle of The Golds ක්‍රිකට් තරගාවලිය දක්වා ද විහිදෙන බව ඔවුන් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත. Sri Lanka Latest News
මෙම ඓතිහාසික තරගයට තවත් වටිනාකමක් එක්කරමින් ඔවුන් මෙම වසරේදී Founders Trophy ශ්‍රී මතත් චාල්ස් හෙන්රි ද සොයිසා සහ පූජ්‍ය Fr, බොන්දානි අනුස්මරණ කුසලානය නමින් නවතම තරගයක් ඒ සඳහා එක්කර තිබේ. මෙම නව කුසලානය මගින් පාසල් ද්විත්වය අතර ක්‍රීඩකයන්ගේ ගුණාංග වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
1933 ඇරඹි රන් මහා සටන ආරම්භයේ සිටම මොරටුව ක්‍රීඩා සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක් බවට පත්විය. මේ ඔවුන්ගේ 75 වැනි සටනයි. මෙවර ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගි වීමට සූදානමින් සිටින වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට JAT Holdings PLC ඉදිරිපත් වීම ඔවුන්ට මෙම තරගය සඳහාත් අනාගතය සඳහාත් රුකුලක් වනු ඇත. මෙම මහා ක්‍රිකට් තරගය පෙබරවාරි 28? මාර්තු 01 සහ 02 දිනවලදී පැවැත්වෙයි.




ප්‍රියන්ත හෙට්ටිගේ











