පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂත්‍රයේ විශ්වාසනීය මූල්‍ය විසදුම් සපයන්නා ලෙස පාරිභෝගික අවශ්‍යතාවන් මනා ලෙස පරිපූර්ණ කිරීමට නව මූල්‍ය නිමැවුම් නිරතුරුව මූල්‍ය ක්ෂත්‍රයට හඳුන්වාදෙනු ලබන සමාගමකි.(Sri Lanka Latest News)
එසේම නව සේවා සහ පහසුකම් සැපයීමේදී ආයතනයේ සේවකයන්ගේ නිර්මාණශීලී අදහස් සඳහා මුල්තැන ලබාදීම හා ඒ වෙනුවෙන් ඔවුන් නිසි ඇගයීමට ලක්කිරීමට පීපල්ස් ලීසිං සමාගම නිරතුරුවම කටයුතු කරනු ඇත.
වඩාත් නිර්මාණශීලි නව සේවා පහසුකම් සංකල්පය තෝරාගැනීමේ වැඩසටහනක් සංවිධානය කරමින් නිර්මාණශීලි අදහස් සඳහා ‘සභාපති සම්මානය’ පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගම විසින් පසුගියදා සිදුකරනු ලැබීය.
විශිෂ්ටතම නව සේවා පහසුකම් සංකල්පය ලෙස ඇඟයීමට ලක්ව ‘සභාපති සම්මානය‘ දිනාගත්තේ පීපල්ස් ලීසිං සමාගමේ කිලිනොච්චි ශාඛාවේ වී. සාරුජන් විසින් ඉදිරිපත් කළ නව සංකල්පයය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ස්ථාවර තැන්පතු හා ඉතුරුම් තැන්පතු දෙපාර්තමේන්තුවේ චමින්ද යාපා මහතා හා චුන්නාකම් ශාඛාවේ ජී. පිරතීපන් මහතා ඉදිරිපත් කළ නිෂ්පාදන සංකල්පයන් අවසන් වටයට තේරුණු අතර ඔවුන්ටද සම්මාන ප්‍රදානය කෙරිණි.