පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළම මහජන විශ්වාසය දිනාගත් මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛයා වන මහජන බැංකු පවුලේ සමාජිකයා වෙතින් පවුල් බර දැරීමට ගෘහ සේවිකා වෘත්තිය සඳහා විදෙස් ගත වන දිරිය කතුන් වෙනුවෙන් නවතම රක්ෂණාවරණයක් හඳුන්වා දීම පසුගිය අගෝස්තු මස 09 වන දින කොළඹ සිනමන් ලෙක්සයිඩ් හිදී සිදුවිය.
ඉහළ විදේශීය විනිමය ප්‍රමාණයක් ගෙන එමින් ශ්‍රී ලාංකීය ආර්ථිකය වර්ධනය කිරීමට නිරන්තරව කැපවෙන විදේශගතව සිටින ගෘහ සේවිකාවන් හට අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන සිදුවීම්වලදී ඇතිවන බලපෑම්වලදී ආර්ථිකමය වශයෙන් ඔවුන් ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබූ මෙම රක්ෂණය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා පීපල්ස් ඉන්ෂුවර්න්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජීවනී කාරියවසම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති හිලිමි අසීස් සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනයේ සභාපති සුරාජ් දන්දෙනිය, බලපත්‍රලත් විදේශ රැකියා නියෝජ්‍යායතන සංගමයේ (ALFEA) සභාපති ෆරූස් මරික්කාර්, ලේකම් එම්. එෆ්. එම්. අර්ෂාඩ් සහ භාණ්ඩාගාරික ’සමන් තාහා යන මහත්ම මහත්මීන්ගේ සහ මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.