• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාස ඇමෙරිකාවෙ ඉඳන් ලෝකෙටම ගහපු ඔක්තෝබර් විප්ලවය…

October 3, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ප්‍රේමදාස ඇමෙරිකාවෙ ඉඳන් ලෝකෙටම ගහපු ඔක්තෝබර් විප්ලවය…
Share on WhatsAppShare on Facebook

අද ලෝක ජනාවාස දිනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින, ලෝක ජනාවාස දිනය ලෙසින් නම් කොට ඇත. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ප්‍රථම සඳු දිනය යෙදෙන අද දිනයේදී, ජගත් සංවිධානය විසින්, ලොව සෑම රටකම පාලකයන්ට සිය රටවල ජනතාවගේ නිවාස හා ජනාවාස ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

1985 වසරේ අප්‍රේල් මස 28 වැනි දින සිට මැයි මස 10 වැනි දින දක්වා, බටහිර ඉන්දියානු කොදෙව් දූපත්හි ජැමෙයිකා රාජ්‍යයේ කිංස්ටන් නුවර පැවැති, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ 08 වැනි වාර්ෂික සැසිවාරය සඳහා එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා මෙවන් වූ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

‘අප කවුරුත් දන්නා පරිදි, අප විසින් යෝජනා කරන ලද ජාත්‍යන්තර නිවාස වර්ෂ ක්‍රියාකාරීත්වය, 1987 වර්ෂයේ දී සිදුකෙරේ. කෙසේ වුවද ලොව රටවල පාලකයන් සහ ජනතාවගේ නිවාසකරණ අවධානය හුදෙක් වර්ෂයකට පමණක් සීමාකිරීම ප්‍රමාණවත් නොවේ. අප නිරන්තරයෙන් ජනතාවගේ නිවාස ගැටලු විසඳමින්, ඔවුනට ජීවත් වීමේ අයිතිය ලබාදිය යුතුවේ. ඒ අනුව මා මෙම සභාවට යෝජනා කරනු ලබන්නේ, ඉදිරි කාලපරිච්ඡේදයේදී සෑම වසරකම අවම වශයෙන් එක් දිනයක්, ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් ඉටු කිරීමට විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි…’

ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමන් විසින් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමට ඉදිරිපත් වූ මෙම යෝජනාව, එම වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී යෝජනා අනුමත වීමේ ප්‍රතිඵලයක් ලෙසින්, 1986 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 36ක කාලයක් සමගින් මෙවර 37 වැනි ලෝක ජනාවාස දින සැමරුම සිදුකරයි.

විවිධ වූ විෂයන් යටතේ වසර පුරාවට ජාත්‍යන්තර දින සැමරීම සිදුකෙරේ. එවන් වූ සැමරීම් බොහෝ දුරට සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් සාකච්ඡා සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සීමා වේ. එසේ වුවද ගතවූ දශක තුනක කාලපරිච්ඡේදයක් තුළ ලෝක ජනාවාස දින සැමරුම සැබෑ ජනතා සහභාගිත්වයකින් යුත් ජනතාවට ප්‍රතිලාභ හිමිවන නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ලොව බහුතර රටවල් ක්‍රියාත්මක කළ අතර, එයට වඩාත් ඵලදායී ආදර්ශය දෙනු ලැබුවේ නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව විසිනි.

1986 වසරේ ඔක්තෝබර් මස 07 වැනි සඳු දින ප්‍රථම ලෝක ජනාවාස දින සැමරුම, ලොව සෙසු රටවලට ආදර්ශයක් ගෙන දෙන අයුරින්, ශ්‍රී ලංකාව තුළ සිදුවිය. නිවාස අවශ්‍යතාව පවත්නා සියලු ජනතාව මෙදින සිට තම නිවහනේ ඉදිකිරීම් කාර්යයන් නිමවන තුරු නිවාසකරණය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් මෙදින ක්‍රියාත්මක විය. ලෝක ජනාවාස දිනය නිමිත කොට ප්‍රකාශිත සෙවණ ලොතරැයිපත් දහස් ගණනක අලෙවිය හේතුවෙන් පැල්පත් හා තාවකාලික නිවාසයන්හි ජීවත් වූ ජනතාවට නිවාස පහසුකම් හිමි විය. මෙම අවස්ථාව වන විට මෙරට ක්‍රියාත්මක වූ පවුල් දශලක්ෂයකට, නිවාස හිමිකම ලබාදීමේ නිවාස දස ලක්ෂයේ වැඩසටහන වඩාත් ශක්තිමත්ව හා ඵලදායී ලෙසින් ක්‍රියාවට නැංවීමට මෙම ලෝක ජනාවාස දින වැඩසටහන හේතු විය. හුදෙක් එක් දිනකට සීමා නොවී, ලෝක ජනාවාස දිනය තේමාකොට, දිගුකාලීන නිවාස හා ජනාවාස සංවර්ධන සංකල්පයක් මෙහිදී ශ්‍රී ලංකාව විසින් ලොවට හඳුන්වාදෙන ලදී. වරෙක පුරා සතියක් තුළ, මෙම ජනාවාස දින සැමරුම් සිදුකළ අතර, එහිදී සතියේ සෑම දිනයක්ම නිවාසකරණය හා බද්ධවූ විවිධ සංවර්ධන කාර්යයන්ට මුල්තැන දෙමින්, දීපව්‍යාප්තව සිදුකරන ලදී. නිවහනේ ජීවත්වන දරුවන් තමන් ජීවත්වන නිවස ආශ්‍රිත කිසියම් වූ අදහසක් මුල්කොට, චිත්‍ර හා රචනා නිර්මාණය කිරීම, නාට්‍ය හා කාව්‍ය නිර්මාණය සිදුකළ අතර, ඒ තුළින් රටේ අනාගතය භාරගැනීමට සිටින දරුවන්ට වඩාත් සංවේදී ලෙසින් තමන් ජීවත්වන නිවෙස තුළට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව සැලසිණි.

1986 වර්ෂයේ සිට 1993 වසර දක්වා වූ රණසිංහ ප්‍රේමදාස නිවාසකරණ කාලපරිච්ඡේදය අවසන් වන විට, ලෝක ජනාවාස දිනය හා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාතික නිවාස වැඩසටහන එහි වඩාත් ක්‍රියාශීලී ලෙස පෙනීසිට ජනතාව සමගින්, දැඩි බද්ධවීමක් සිදුවූ අතර, එය ලොව සෙසු රටවලට ද වැදගත් ආදර්ශයක් විය. එසේ හෙයින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයට පසු බලයට පත්වූ සෑම රජයක්ම සිය ජාතික ප්‍රතිපත්තීන්ට අනුකූලව, නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී, ඔක්තෝබර් මස ප්‍රථම සඳු දිනට යෙදුණු ලෝක ජනාවාස දිනයට මුල් තැනක් ලබාදීමටත්, ඒ නිමිත්තෙන් ඵලදායී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගනු ලැබීය.

2015 – 2019 කාලපරිච්ඡේදය තුළ පැවැති යහපාලන රාජ්‍ය සමයේදී, ශ්‍රී ලංකාව තුළ වඩාත් ශීඝ්‍ර හා ඵලදායී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය. එම කාලපරිච්ඡේදය තුළ එවකට නිවාස අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ‘සැමට සෙවණ’ ජාතික නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 334,000කට නිවාස පහසුකම් සැපයූ අතර, එයට දිවයින පුරා උදාවූ නව ආදර්ශ ගම්මාන 2562ක් ද අයත් වේ. මෙම කාලපරිච්ඡේදය තුළ සෑම වර්ෂයකම ලෝක ජනාවාස දින සැමරුම දීප ව්‍යාප්ත නිවාස හා ජනාවාස වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නැංවිණි. දිවයින පුරා දහස් ගණනින් නව නිවාස ඉදිකිරීම, විශේෂයෙන් නාගරික ප්‍රදේශයන් හි අඩු ආදායම් හා මධ්‍ය ආදායම්ලාභීන්ට නිවාස හිමිකම ලබාදීම මෙහිදී ක්‍රියාත්මක වූ කැපීපෙනෙන ලෝක ජනාවාස දින වැඩසටහන්ය. 2019 වර්ෂයේ ලෝක ජනාවාස දිනය එම වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය මැතිවරණයට සමීප දිනයක පැවැත් වූවද, ඔක්තෝබර් මුල් සතියේ ප්‍රකාශිත ලෝක ජනාවාස සතියේදී කිසිදු දේශපාලන සහභාගිත්වයකින් තොරව, හුදෙක් නිලධාරීන් හා නිවාසලාභීන්ගේ සහභාගිත්වයෙන් දිවයින පුරා නව ආදර්ශ ගම්මාන සියයක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීම තුළින් ලබාදුන් ආදර්ශය, එදා එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමද ඇගයුමට ලක් කරනු ලැබීය.

සෑම වර්ෂයකම ලෝක ජනාවාස දිනය සමරනු ලබන්නේ තත්කාලීන නිවාස හා ජනාවාස පිළිබඳ අදහසක් පෙරදැරිකොට ගෙනය. මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව ‘පරතරය පිළිබඳ සිතමු’ (Mind the Gap) යන්නයි. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින්ම ප්‍රකාශිත පරිදි, කොවිඩ් අර්බුදය තුළින් සිදුවූ ගෝලීය ආපදාව සහ එතුළින් ඇති වූ ආර්ථික හා සමාජීය පසුබෑම විවිධ ක්‍රියාකරකම්හි පුළුල් පරතයක් සහ සපුරාලීමට අපහසු හිඩැසක් නිර්මාණය වීම පෙන්නුම් කරයි. මෙය නිවාස හා ජනාවාසකරණයේ දී වඩාත් කැපී පෙනෙයි. වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික හා සාමාජීය අර්බුදය හේතුවෙන් ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයක් වූ නිවාස හා ජනාවාසකරණය සපුරාලීම පාලක පාර්ශ්වයට ගැටලුවක් වී ඇත. මෙම අභියෝගය ජය ගැනීමට මෙතෙක් ක්‍රියාත්මක කළ සාම්ප්‍රදායික සංවර්ධන උපායමාර්ග තවදුරටත් යොදා ගැනීමට නොහැකි වේ. පසුගිය කාලපරිච්ඡේදවලදී මෙන් මෙරට ජන නිවාස අවශ්‍යතාවය සපුරාලීමට රාජ්‍ය අරමුදල් යහමින් ආයෝජනය කිරීමක් අපේක්ෂා කළ නොහැක. එමගින් විශේෂයෙන් දුගී දුප්පත් අවම ආදායම්ලාභීන්, අඩු ආදායම්ලාභීන් සහ මධ්‍ය ආදායම්ලාභීන්ගේ රාජ්‍ය දායකත්ව නිවාස අපේක්ෂාවෙන් බිඳ වැටේ. වියදම් අධික වූ ආනයනික ගොඩනැගිලි ද්‍රව්‍ය ‍වෙනුවට එවන් වූ ප්‍රමිතිගත ගොඩනැගිලි ද්‍රව්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම කෙරෙහි නිවාස ක්ෂේත්‍රීය අවධානය යොමු විය යුතුය.

එමෙන්ම පාරම්පරික ලෙස අප සමාජය විසින් භාවිත කරනු ලැබූ, දේශීය ගොඩනැගිලි ද්‍රව්‍ය හා පාරම්පරික තාක්ෂණ ක්‍රම නව තාක්ෂණ ක්‍රමවේද හා මුසුකරමින් එය නැවත සමාජගත කිරීමට කටයුතු කළ යුතු වේ.

වර්තමානයේ රටේ සැලකිය යුතු ජන කොටසක් නිවාස ගැටලුවට මුහුණපා සිටිති. එය ගම, නගරය හා වතුකරය මෙන්ම ජනවාර්ගික යුද්ධයකට මුහුණ දී සිය වාසස්ථාන අහිමි වූ විශාල ජන කොටසක් වෙත බලපා ඇති ප්‍රශ්නයකි. මේ සඳහා විසදුම් සෙවීමේ දී හුදෙක් රාජ්‍ය දායකත්වයෙන් පමණක් එවැන්නක් සිදු කළ නොහැකි අතර, දේශීය පෞද්ගලික අංශය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයෝජකයින්ගේ සහාය ලබාගත යුතු වේ. මෙවර ලෝක ජනාවාස දිනයේ දී ප්‍රකාශිත තේමාවට අනුගත වෙමින් වත්මන් සමාජය තුළ නිර්මාණය වී ඇති නිවාස හිමි අහිමි පරතරය සපුරාලීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් සැලසුම් විය යුතුය. එවැන්නක් පිළිබඳ සිතුවිල්ල හා සැලසුම්කරණය සිදු වුවහොත් අප මෙවර ලෝක ජනාවාස දිනය වඩාත් ඵලදායී අයුරින් පැවැත් වූයේ යැයි සිතිය හැකි වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ගෘහ සේවිකා වෘත්තීය සඳහා විදෙස් ගත වන දිරිය කතුන් හට නවතම රක්ෂණාවරණයක්…

Next Post

ජාතික සභාවට පොහොට්ටුවෙන් දැම්මේ අට පාස් මෝඩයෝ ටිකක්! මේක ‌කන්ට්‍රෝල් වෙන්නේ අමෙරිකාවෙ ඉඳන්! දයාසිරි ජාතික සභාවේ පට්ට පතුරු යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.