මහජන බැංකුවේ, People’s Remittance ‘වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’, දිනුම් ඇදීමේ මාර්තු මස මිලියනපතියා වන ඩබ්ලිව්. ඒ. අයි. සමීර ජෙරාඩ් පෙරේරා මහතාට හිමි චෙක්පත සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මහතා අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සෞදි අරාබියේදි සිදුකෙරිණි.
මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එමෙන්ම රුපියල් මිලියනයේ මාසික ජයග්‍රාහකයින් සෑම මාසයකදීම තෝරාගන්නා අතර, තවත් සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයින් 48 දෙනකුට කැරට් 22 රන් කාසිද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගන්නා දිනපතා ජයග්‍රාහකයන් 334 දෙනකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාගද පිරිනැමේ.
2022 පෙබරවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා අතර කාලය තුළ මහජන බැංකු ගිණුම්වලට, මහජන බැංකුව හරහා වෙනත් බැංකු ගිණුම්වලට විදෙස් මුදල් ප්‍රේෂණය කරන සහ උඹල ඍස් හෝ ඊට සමාන වෙනත් මාධ්‍යයන් ඔස්සේ මහජන බැංකු ශාඛාවලින් ප්‍රේෂණ මුදල් ලබාගන්නා සියලුම ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි. වැඩියෙන් එවන තරමට දිනුම් අවස්ථා වැඩි වේ.











