සංක්‍රමණික ශ්‍රමිකයන්ට වඩා විධිමත්ව හා අපහසුතාවකින් තොරව බැංකුකරණ පහුසකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා කවුළුවක් බත්තරමුල්ල, සුහුරුපාය, ආගමන හා විගමන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
මේ තුළින් සංක්‍රමණික ශ්‍රමිකයන්ට රුපියල් හා විදේශ මුදල් ගිණුම් විවෘත කිරීම, විදේශ මුදල් හුවමාරු කිරීම වැනි සේවාවන් රැසක් ලබාගත හැක.
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමේලා අත්‍යාවශ්‍ය සාධකයකි. සංක්‍රමණිකයන් විසින් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා හෝ අලුත් කරගන්නා අවස්ථාවේදීම විධිමත් හා ආරක්ෂක ප්‍රේෂණ මාර්ග පිළිබඳ දැනුම්වත් කිරීම සහ ඒ සඳහා යොමු කරවීමෙන් රටේ විදෙස් සංචිත ඉහළ නැංවීම සඳහා වන මහ බැංකුවේ අඛණ්ඩ උත්සාහයට සහයෝගය පිරිනැමීම මෙහි අරමුණයි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ කොළඹ පිටත ප්‍රාදේශීය කළමනාකාර ලාල් පීරිස්, බත්තරමුල්ල ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.











