ජාත්‍යන්තර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ Daily FT ආයතනය නම් කරන ‘2020/21 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ වැඩිම ඇගයීමට පාත්‍ර වූ විශිෂ්ටතම සමාගම් 10’ අතරට අඛණ්ඩව තෙවැනි වරටත් මහජන බැංකුව ඇතුළත්වී තිබේ.
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් වෙත මෙම සම්මානය පිරිනැමිණි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි මහතා සහභාගි වූහ.
මහජන බැංකුව, වසර 60කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ ගොඩනංවා ඇති ස්ථාවරත්වය, නායකත්වය සහ තිරසර වර්ධනය හේතුවෙන් නිරන්තරයෙන්ම පැසසුමට ලක්ව තිබේ. ආරම්භයේදී ජනතාවගේ මූල්‍යමය සේවාවන් සැපයුම්කරුවකු ලෙසින් සේවය ලබාදුන් බැංකුව මේ වන විට සමස්ත ජාතියටම ප්‍රතිලාභ සලසන අතිනවීන තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්විත ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා බවට පත්ව සිටී.











