මෙරට ජනප්‍රිය හාඞ්වෙයාර් සහ හෝම්වෙයාර් සුපිරි වෙළෙඳසල් නාමයක් වන HOMEMART එහි නවතම ශාඛාව කොළඹ Orion City පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී.
St’ Anthony’s Hardware පෞද්ගලික සමාගමේ නවමු සංකල්පයක් ලෙසින් හඳුන්වා දෙන ලද HOMEMART හාඞ්වෙයාර් සුපිරි වෙළෙඳසල 2017 වසරේදී නාවලදී ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකීය සුපිරි වෙළෙඳසල් සංකල්පයට නවතම මුහුණුවරක් එක් කළ HOMEMART හාඞ්වෙයාර් සුපිරි වෙළෙඳසල පාරිභෝගික ජනතාවට වෙනස්ම වූ අත්දැකීමක් එක් කරමින් ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් විය. Orion City හිදී විවෘත කෙරුණු HOMEMART mini සුපිරි වෙළෙඳසල එම පරිශ්‍රයේ සේවය කරන 10,000කට අධික පිරිසකගේ හාඞ්වෙයාර් සහ හෝම්වෙයාර් අවශ්‍යතා සපුරාලනු ඇත.