• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගමන හොදයි පෙට්ටි දෙකයි

October 8, 2019
in Holiday
Reading Time: 1 min read
A A
ගමන හොදයි පෙට්ටි දෙකයි
Share on WhatsAppShare on Facebook

මේ වහින වැස්ස දැක්කම නම් හිතෙන්නේ මේ කාලේ මොන ගමන් බිමන්ද කියලා. එළියට බහින්නවත් හිතෙන්නේ නැති තරමට වහිද්දි එහෙම හිතෙන එක සාධාරණයි තමයි. එහෙමයි කියලා ඇවිදින එක නවත්තන්නත් බැහැනේ. ඒ හින්දා අපි හිතුවා වැස්සෙම යන්න පුළුවන් ගමනක් ගිහින් එන්න. සරලවම කිව්වොත් මේක ගියා – ආවා ගමනක්. මේ වගේ ගමනක් යන එකේ තේරුමක් තියෙනවද කියලත් හිතෙන්න පුළුවන්. ඒත් ගිහින් ආවට පස්සේ නම් ඒක හරිම ලස්සන ගමනක්.

කොළඹ කොටුවෙන් රෑ 8ට පිටත්වෙන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ තමයි අපි මේ ගමන ගියේ. ස්ට්‍රයික්, අකුරට වැඩකිරීම්, සිග්නල් බිඳවැටීම් වගේ ගොඩක් ප්‍රශ්න හින්දා මේ දවස්වල දුම්රිය ගමන් ගැන කතාකරන්නත් වැඩි දෙනෙක් කැමැති නැහැ. සරලවම කිව්වොත් සමහරු මේ දවස්වල ඔෆිස් යන්නෙත් නැහැ. ඒත් ඔය මොන දේ වුණත් අපේ අයට කෝච්චි එපාවෙන්නෙත් නැහැ. එහෙමනේ… බදුල්ල නයිට් මේල් එක කියන්නෙත් ඒ වගේ කොච්චර ගියත් එපාවෙන්නේ නැති දුම්රිය ගමනක්. මොකද හැමදාම ගියත් ඒ ගමනෙදි අලුත් අලුත් දේවල් විඳින්න තියෙනවා.
වැස්ස අස්සෙන් කොහොමින් කොහොම හරි කොටුවට ආව අපිත් එක්ක හරි වෙලාවටම කෝච්චිය පිටත් වුණා කියමුකෝ. හැබැයි රාගමට යන්නත් කලින් ඒ දුම්රිය ප්‍රමාදවී ධාවනය වන දුම්රියක් බවට පත් වුණා. බදුල්ල නයිට් මේල් එක කොහොමත් පරක්කුයි කියලා තමයි කතාවට කියන්නේ. ඒ වගේම ඉතින් අපි අපේ ගමනාන්තය වන නානුඔයට යද්දී නියමිත වෙලාවට වැඩිය පැය 2ක් විතර පරක්කු වෙලා.

ඔන්න දැන් තමයි අපේ ගමන පටන් ගන්නේ. කලින්ම කිව්වනේ මේක ගියා – ආවා ගමනක් කියලා. නානුඔයෙන් බැස්සා, අනෙක් පැත්තට ආවා. ඒක තමයි ගමන. තැපැල් දුම්රිය නියමිත වෙලාවට ආව නම් අපිට ආපහු එන්න ලෑස්ති වෙන්න පැය දෙක තුනක් හම්බවෙනවා. ඒත් පරක්කු වුණු නිසා එහෙම වෙලාවක් අපිට තිබුණේ නැහැ. ඒ හින්දා පුළුවන් ඉක්මනින් මූණකට හෝදගෙන අපට ආපහු එන්න සිද්ධ වුණා. අපි මේ එන්නේ නානුඔය ඉඳන් මහනුවර දක්වා ගමන් කරන මිශ්‍ර දුම්රියේ. ‘1024’ තමයි මේකට දුම්රිය දෙපාර්තමේන්තුව ලබාදීල තියෙන අංකය. දුම්රිය කාලසටහනේ විදියට නම් උදෑසන 5.30ට මේක නානුඔයෙන් පිටත් වෙන්න ඕනේ. ඒත් ඉතින් බදුල්ල පැත්තට යන තැපැල් දුම්රිය පරක්කු වෙන හැමදාම මේ දුම්රිය නානුඔයෙන් පිටත් වෙන්නෙත් පරක්කු වෙලා. අපි ගිය දවසත් ඒ වගේම තමයි.

මෙච්චර කට්ටක් කාගෙන යන්න මේ කෝච්චියේ තියෙන විශේෂතා මොනවද කියලා හිතෙනවා නේද? මේ තමයි උඩරට මාර්ගයේ පහළ දිශාවට ගමන් ආරම්භ කරන පළමු දුම්රිය. මීට වසර කිහිපයකට කලින් නම් මේ දුම්රියේ මගී ප්‍රවාහන මැදිරි දෙකක් එක්ක භාණ්ඩ ප්‍රවාහන මැදිරියකුත් ධාවනය වුණා. ඒත් වර්තමානයේදී මේ දුම්රියේ දකින්න තියෙන්නේ මගී මැදිරි දෙකක් විතරයි. පොඞ්ඩක් හිතන්නකෝ, උදේ පාන්දර සීතල මීදුමත් එක්ක පෙට්ටි දෙකක කෝච්චියක් නානුඔය ස්ටේෂන් එකේ තියෙනව දකින එකත් කොච්චර සුන්දරද?

උඩරට දුම්රිය මාර්ගයේ ලස්සන ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඇත්තටම කිව්වොත් ගොඩ දෙනෙක් දුම්රියේ බදුලු යන්නේ ඒ ලස්සන බලන්නම තමයි. සංචාරයට කැමැති හැම දෙනාම එක් වරක් හෝ විඳිය යුතු අත්දැකීමක් විදියට උඩරට දුම්රිය මාර්ගය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත් ඒකනේ. සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් බදුල්ලට දිනකට දුම්රිය හතරක් ධාවනය වෙනවා. ඉන් තුනක් දහවල් කාලයේ. කලින් කතා කරපු රාත්‍රී තැපැල් දුම්රිය තමයි අනෙක් දුම්රිය. ආරංචියේ විදියට දහවල් කාලයේ ගමන් කරන දුම්රිය අතරට තවත් දුම්රියක් ළඟදිම එකතු වෙන්නත් නියමිතයි. කොළඹ ඉඳන් වගේම බදුල්ලේ ඉඳලත් දිනපතා ඒ දුම්රිය වාර ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. කොළඹ ඉඳන් බදුලු යන කෝච්චි ගැන හැමෝම දන්න හින්දා ඒ ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැහැනේ. ඒත් කවුරුත් වැඩිය නොදන්න තවත් දුම්රිය ගමන් වාර කිහිපයකුත් උඩරට මාර්ගයේ දිනපතා ධාවනය වෙනවා. ඒ අතරින් එකක් තමයි මහනුවර ඉඳන් පාන්දර 3.30ට බදුල්ල බලා ගමන් ආරම්භ කරන මිශ්‍ර දුම්රිය. ඒ දුම්රිය බදුල්ලට යද්දි හවස 3 විතර වෙනවා. මේ වෙද්දි ඒ දුම්රිය විදේශීය සංචාරකයන් අතර නම් ඉතාම ජනප්‍රිය එකක් වෙලා තියෙනවා. ඒ හින්දම ඒ දුම්රියට නැරඹුම් මැදිරියක් එකතු කරන්නත් බලධාරින් කටයුතු කරලා තියෙනවා.

නානුඔයෙන් පාන්දර පිටත් වන අපි මේ යන්න හදන කෝච්චියත් අන්න ඒ වගේ. කවුරුත් වැඩිය නොදන්න, ඒත් හරිම ලස්සන ගමනක්. උඩරට මාර්ගයේ ලස්සන උපරිමව විඳින්න පුළුවන් උදේට. ඉතින් පාන්දර 5.30ට නානුඔයෙන් පිටත් වන දුම්රියක ඉඳන් ඒ ලස්සන කොච්චර විඳින්න පුළුවන්ද? කඳුකරේටම ගැළපෙන නිල් පාට උ3 එන්ජිමක් එක්ක ඔන්න අපි නානුඔයෙන් පිටත් වුණා. ඒ වෙලාවේ මුළු කෝච්චියටම හිටියේ අපි දෙන්න එක්ක තවත් දෙමළ වතු කම්කරුවන් කිහිප දෙනෙක් විතරයි. අලුත් අත්දැකීමක් විඳගන්න අපි මේ කෝච්චියේ ගියත් ඔවුන් ගමන් කරන්නේ තමන්ගේ ජීවන වෘත්තිය සඳහා. ඉතින් දුම්රිය සුළු වෙලාවක් හරි ප්‍රමාදවන එක ඒ මිනිසුන්ට ගොඩක් බලපානවා. ඒත් රදැල්ල දුම්රිය ස්ථානය අසලම සේවය කරන ඒ මිනිසුන්ට ගමන් කරන්න ලේසිම විදිය තමයි දුම්රිය. ඒ හින්දා හැමදාම පරක්කු වුණත් ඒ දේවල් විඳගෙන ඒ මිනිස්සු කෝච්චියෙම වැඩට යනවා. නානුඔය ඉඳන් රදැල්ලට තියෙන්නේ පොඩි දුරයි. එතැන ඉඳන් ‘ග්‍රේට් වෙස්ටර්න්’ දුම්රිය ස්ථානයට යනකම්ම කෝච්චියේ ඉතුරු වුණේ තුන් හතර දෙනෙක් විතරයි.

මේ දුම්රිය වැදගත් වෙන්නේ වතු කම්කරුවන්ට විතරක් නෙවෙයි. වටගොඩ, තලවකැලේ වගේම හැටන් නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බොහෝ දෙනකුටත් මේ දුම්රිය හරිම වැදගත්. ඒ අය හැමදාම උදේට ඉස්කොලේ යන්නේ මේ කෝච්චියේ. රදැල්ල පහු කරපු අපට ඊළඟට හම්බවෙන්නේ ග්‍රේට් වෙස්ටර්න්. ග්‍රේට් වෙස්ටර්න් කියන්නෙත් උඩරට මාර්ගයේ තියෙන විශේෂ දුම්රියපොළක්. දුම්රිය ස්ථානයට යොදලා තියෙන නම වගේම පිහිටීමත් ඒ විශේෂත්වයට හේතුවෙලා තියෙනවා. පාසල් සිසුන් වැඩි දෙනෙක් අපි එනකල් බලන් හිටියෙත් ග්‍රේට් වෙස්ටර්න්වල තමයි. ඒ දර්ශන දකිද්දි හිතට සතුටක්, දුකක් වගේම ඉරිසියාවකුත් ඇති වෙනවා. අපටත් මෙහෙම ඉස්කෝලෙ යන්න තිබුණා නම් කියලා හිතෙන දැනෙන එක තමයි ඉරිසියාවට හේතු වෙන කාරණේ. මම වගේම මේක කියවන ගොඩ දෙනකුටත් ඇත්තේ බස් එකේ හරි කෝච්චියේ හරි හිරවෙලා දාඩිය පෙරාගෙන ඉස්කෝලේ ගිය අතීතයක්. ඒත් මේ වගේ ලස්සන පැත්තක ඉඳන් කෝච්චියක ඉස්කෝලේ යන්න ලැබෙනවා කියන එක හරියට හීනයක් වගේ.
හැබැයි ඉතින් ඒ ළමයි ඇත්තටම විඳින්නේ අපට පේන ඒ ලස්සන විතරක් නෙවෙයි. ඊට එහා ගිය ලොකු කතාවක් එතැන තියෙනවා. ග්‍රේට් වෙස්ටර්න් ඉඳන් හැටන් යන්න කෝච්චියට නැඟපු මල්ලි කෙනෙක් තමයි අපට ඒ කතාව විස්තර කරලා දුන්නේ. ග්‍රේට් වෙස්ටර්න් අවට ජීවත්වෙන්නේ වතුකර දෙමළ ජනතාව. ග්‍රේට් වෙස්ටර්න් ඉඳන් නානුඔය, තලවකැලේ ප්‍රධාන මාර්ගයට සැලකිය යුතු දුරක් තියෙනවා. ඒ හින්දා ඒ අවට ජනතාවට පහසුම ප්‍රවාහන මාධ්‍යය තමයි දුම්රිය. ඒ අවට ජීවත් වෙන වැඩි දෙනා වතු කම්කරුවන් හින්දා ඔවුන්ට එතරම් ගමන් බිමන් නැති වුණත් පාසල් සිසුන්ට මේ දුම්රිය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. අපිත් එක්ක කතාවට වැටුණු මල්ලිත් ඒ වගේම මේ කෝච්චියේ හැමදාම ස්කෝලේ ගිය කෙනෙක්. ග්‍රේට් වෙස්ටර්න් ඉඳන් තලවකැලේ මධ්‍ය මහා විද්‍යාලයට ගිය ඒ මල්ලි දැන් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ. පසුගිය අවුරුද්දේ තලවකැලේ මධ්‍ය මහා විද්‍යාලයයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා තියෙන්නෙත් ඒ මල්ලි විතරයි කියලයි එයා අපි එක්ක කිව්වේ.

සුන්දර වුණත් දුෂ්කර ගමනක් සාර්ථකව නිමකරලා ජීවිතය දිනන්න බලාගෙන ඉන්න ඒ මල්ලි කියන විදියට මීට අවුරුදු ගානකට කලින් මේ කෝච්චිය පාසල් සිසුන්ගෙන් පිරිල ඉතිරිල යනවලු. ඒත් දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදය හින්දා ඔවුන් මේ වෙද්දි දුම්රියෙන් ඈත් වෙලාලු. “මේක ඉතිං ගොඩක් දාට පරක්කුයි. මේක පරක්කු දාට අපි ඉස්කෝලෙ යන්නෙත් පරක්කු වෙලා. ඉස්සර අපේ ගමට වාහන එන්න බැහැ. බස් එකේ යන්න නම් ගොඩක් දුර පාරට පයින් යන්න ඕනේ. උදේට පාරෙ කොටිත් ඉන්න හින්දා කවුරුවත් පාරට යන්න බයයි. කොච්චර පරක්කු වුණත් අපි ඉස්කෝලේ ගියේ කෝච්චියෙම තමයි. ඒත් දැන් පාර හැදිලා, ගමට වාහන එන්න පුළුවන්. ස්කූල් බස් දෙක තුනක් තියෙන හින්දා දැන් ළමයි ගොඩක් ඒවයේ තමයි යන්නේ…”
ඒ මල්ලි කියන විදියට මීට අවුරුදු ගානකට කලින් නම් මේ ගමන් මීටත් වඩා ලස්සන එකක් වෙන්න ඇති. සුදු ඇඳුමට උඩින් පාට පාට ජැකට් දාගත්ත, පාට පාට තොප්පි දාගත්ත ළමයින්ගෙන් පිරුණු කෝච්චිය මේ පරිසරයට අපූරු දර්ශනයක් එකතු කරන්න ඇති. එහෙම එන පාසල් සිසු සිසුවියන්ගෙන් වැඩි දෙනෙක් වටගොඩින් බහිනවා. ඒ වගේම ප්‍රමාණයක් තලවකැලේ යන්න වටගොඩින් නඟිනවා. අම්මා කෙනෙක් එක්ක එන පුංචි දරුවකුට කෝච්චියට එන්න පරක්කු වෙලා. හෝන් එකත් ගහලා යන්න හදන කෝච්චිය, ඒ දෙන්න වෙනුවෙන් කරුණාවන්ත දුම්රිය ස්ථානාධිපතිතුමා ආයෙත් නවත්වනවා. ජනේලයක් අයිනට වෙලා මේ දේවල් බලාගෙන අපි හෙමින්සැරේ පල්ලම් බහිනවා. එක දිගට වැටෙන පොද වැස්ස හින්දා දරාගන්න අමාරු සීතලක් තිබුණත්, ඒ අවට දර්ශන පෙළෙන් වශීකෘත වුණු ඇස් දෙක, ඇඟට දැනෙන සීතල අමතක කරවනවා. අපි සීතලේම කවුළුවත් ඇරගෙන එළිය බලාගෙන ඉන්නවා.

මේ දුම්රිය ගමනෙදි අත්දකින්න පුළුවන් තවත් විශේෂතා කිහිපයක් තියෙනවා. මේක බේබි ටේ්‍රන් එකක්. ඒක තමයි එක විශේෂත්වයක් වෙන්නේ. බේබි ටේ්‍රන් කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන වර්ගීකරණයට අයත් එක් දුම්රිය විශේෂයක්. මේකෙන් අදහස් කරන්නේ කුඩා දුම්රිය කියන එකම විතරක් නෙවෙයි. කුඩා දුම්රියපොළ හැම එකකම නැවැත්වීමත් මේ බේබි ටේ්‍රන් කියන දුම්රිය විශේෂයට අයත් තවත් කාරණයක් වෙනවා. ඒ හින්දා උඩරට දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රියක ගමන් කරද්දි දක්නට නොලැබෙන දුම්රිය නැවතුම්පොළ කිහිපයකුත් මේ ගමනෙදි අපට හම්බවෙනවා. ‘සෙන්ට් ක්ලෙයාර්’ එහෙම නැත්නම් ‘ශාන්ත ක්ලෙයාර්’ දියඇල්ල ගැන අහල තිබුණට, ශාන්ත ක්ලෙයාර් නමින් දුම්රිය නැවැතුමක් තියෙනවා කියලා මීට කලින් දැනගෙන හිටියද? ඒ වගේම තමයි ඩොරික් ක්ලෙයාර්. මේ දුම්රිය නැවැතුම්පොළ දෙකේම අපේ දුම්රිය නැවැත්තුවා. ඇත්තටම දුම්රිය නැවතුම්පොළ කිව්වට මේ නැවැතුම්වල වේදිකාවක්වත් නැහැ. ඩොරික් ක්ලෙයාර් නැවැතුමේ පොඩි ටකරන් මඩුවක් තිබුණට ශාන්ත ක්ලෙයාර් නැවැතුමේ එහෙම තැනක්වත් නැහැ.

එහෙම නම් මේ අය ටිකට් ගන්නේ කොහෙන්ද? ඊළඟට හිතට නැඟෙන ප්‍රශ්නය ඒක නේද? ඒ වගේ තැන්වලින් නඟින අයට හොරෙන් යන්නවත්, නොමිලේ දුම්රියේ යන්නවත් සහනයක් දීලා නැහැ. ඒ අය ටිකට් ගන්නේ කෝච්චියෙන්ම තමයි. අන්න ඒකත් මේ බේබි ටේ්‍රන්වල දක්නට ලැබෙන තවත් විශේෂත්වයක්. මැදිරි දෙකකින් සමන්විත මේ දුම්රියේ පිටුපස මැදිරියේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ කුටියක් වගේම ටිකට් නිකුත් කරන නිලධාරියෙකුත් සේවය කරනවා. ඒ ගැන දන්න මගීන් දුම්රියට නඟින්නෙත් පිටුපස මැදිරියෙන්ම තමයි. ඒකත් මේ ගමන පුරාම අපි හොඳටම දැක්කා. ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථානවලට අමතරව ගල්කන්ද, දෙකිඳ, පෙන්රෝස්, හයින්ෆෝඞ් වගේ දුම්රිය නැවැතුම් කිහිපයක්ම අපට මේ ගමනෙදි හම්බවුණා. පෙන්රෝස් සහ හයින්ෆෝඞ් කියන්නේ ඒ අවට තියෙන තේ වතු දෙකක්. කාලෙකට කලින් ඒ වතුවල තේ දලු ප්‍රවාහනය සිදුකරලා තියෙන්නෙත් දුම්රිය මාර්ගයෙන්. ඒ වෙනුවෙන් ඉදිකළ වේදිකා අදටත් දකින්න තියෙනවා. අද පාළුවට ගිහින් තිබුණත් මේ වේදිකා දෙකම ඉතිහාසයේ අපේ ජාතික ආර්ථිකයට විශාල මෙහෙයක් ඉටුකරලා තියෙනවා.

මේ ගමන අතරමඟදි නාවලපිටියට යනකල් අපට හම්බවුණේ එකම එක දුම්රියයි. අපි කලින් කිව්ව මහනුවර ඉඳන් බදුලු යන මිශ්‍ර දුම්රිය තමයි ඒ. අපේ දුම්රිය නානුඔය ඉඳන් මහනුවරට ගමන් කළත් ඒ ගමන එක දිගටම යන්නේ නැහැ. කාලසටහන සකස් කරලා තියෙන විදිය හින්දා නාවලපිටියට යන දුම්රිය එතැන ටිකක් වෙලා ගිමන් හරිනවා. ඒ වෙලාවට නාවලපිටියෙන් පිටත්වෙන දුම්රියෙන් කැමැති අයට මහනුවරට යන්න පුළුවන්. එහෙම නැත්නම් නාවලපිටියේ පැයක් විතර ඉඳලා මේ දුම්රියෙන්ම මහනුවර යන්නත් පුළුවන්. වෙලාවක් තිබුණොත් ගිහින් එන්න. ආවා – ගියා ගමනක් වුණත් ඒ ගමන පාඩුවෙන එකක් නම් නෙවෙයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

Orion City පරිශ්‍රයේ HOMEMART mini සුපිරි වෙළෙඳසලක් විවෘත කෙරේ

Next Post

මෛත්‍රී තනිවෙයි: ශ්‍රීලනිප 18ම ‌ගෝඨාට යන්න තීන්දු කරයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.