ජාතික ජනතා ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා නොකර සිටීමට සියලුම මාධ්‍ය ඒකමතික තීන්දුවක් ගෙන ඇත.
මැතිවරණ සමයේ ඒකපාක්ෂිකව හැසිරෙන මේ සියලු මාධ්‍ය තමන් සහාය දක්වන ප්‍රධාන අපේක්ෂකයාට මහේෂ් සේනානායක මහතාගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වී ඇති බවට උපකල්පනය කර ඇති අතර ඒ හේතුව මත මෙසේ ඒ මහතාගේ පුවත් පළ නොකිරීමට තීන්දු කර තිබේ.
ඒ අනුව අද (08) දිනයේ සියලුම මුද්‍රිත මාධ්‍ය මුල්පිටුවල ප්‍රධාන අපේක්ෂකයන් නාමයෝජනා ලබා දෙන ආකාරය ජායාරූප සහිතව වාර්තා කර තිබුණද මහේෂ් සේනානායක මහතාගේ කිසිදු පුවතක් වාර්තා කර නොතිබීම විශේෂ සිදුවීමකි.