OPPO මෙවර උත්සව සමය වෙනුවෙන් පවත්වන OPPO Fans Fest ප්‍රවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ OPPO FANS NIGHT වැඩසටහන පසුගියදා අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගැයුම් වැයුම් හා විනෝදාත්මක තරග ආදියෙන් සමන්විත වූ මෙම වැඩසටහනට ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සහිවස්ති’ කණ්ඩායමේ අනුෂ්ක උදාන සහභාගි වූහ. රට පුරා වෙසෙන රසික රසිකාවියන් වෙතින් OPPO FANS NIGHT වැඩසටහනට ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි.
කලාකරුවන්ට ගීත ගායනා කරන අතරම තම රසික රසිකාවියන් හා සම්බන්ධ වීමටද හැකිවන ආකාරයට විශේෂ ආකෘතියක් යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී දිනුම් ඇදීමකින් තෝරාගන්නා ලද ජයග්‍රාහකයන් වූ ඉමේෂා හා තරුෂට පිළිවෙළින් උමාරියා හා අනුෂ්ක සමග යුග ගායනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව උදා විය.
ශ්‍රී ලාංකිකයන්ව යළිත් ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජීවන රටාවකට හුරුවෙමින් සිටින පසුබිමක ඔවුන්ට සතුට හා සැනසිල්ල ළඟා කරදීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් උමාරියා හා අනුෂ්ක OPPO වෙත සිය ස්තූතිය පළකළහ. සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ විධිවිධාන අකුරටම පිළිපදින අතරම, දීර්ඝකාලයක් තිස්සේ ඇඳිරිනීතිය හා වෙනත් සංචරණ සීමා යටතේ සිටීමට සිදුවීම නිසා ඇතිවූ ආතතිය මගහරවා ගැනීම සඳහා විනෝදාස්වාද ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කමද ඔවුහු පෙන්වා දුන්හ.