ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිකෙරුණු වවුනියාව විශ්වවිද්‍යාලයේ නව නාමපුවරුව විවෘත කිරීම පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවානන්දන්, මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. ආනන්ද රාජා සහ වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ටී. මංගලේශ්වරන් යන මහත්වරු ඇතුළු වවුනියාව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.
මෙරට තරුණ්‍යය බලගැන්වීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙත සිය සහයෝගය දැක්වීම ලංකා බැංකුවේ ප්‍රධානතම අරමුණයි.











