• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නෙස්ලේ ලංකා සමාගම, පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමග සහයෝගිතාවකට එළැඹෙයි…

July 25, 2022
in Business
Reading Time: 1 min read
A A
නෙස්ලේ ලංකා සමාගම, පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් සමග සහයෝගිතාවකට එළැඹෙයි…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නෙස්ලේ ලංකා සමාගම සහ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම සහයෝගිතාව යටතේ, පෙරේරා ඇන්ඩ් සන්ස් අවන්හල් ජාලය තුළ එක්රැස්වන ප්ලාස්ටික් ඇසුරුම් හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන අතර, එම අවන්හල් ජාලය තුළ විවිධ අපද්‍රව්‍ය වර්ග සඳහා වෙන වෙනම කසල බඳුන් තැන්පත් කිරීමත්, එසේ එකතු කරගන්නා කසල රාජගිරියේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් සතු ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමත් සිදුවේ. ඉන් අනතුරුව පිරිසිදු කර, සම්පීඩනය කළ මෙම කසල, ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් Eco-Maximus සහ Eco-Spindles යන දේශීය ආයතන වෙත ප්‍රවාහනය කරනු ලැබේ. වර්තමානයේදී මෙම වැඩපිළිවෙළ යටතේ පෙරේරා ඇන්ඩ් සන්ස් අවන්හල් 100කට අධික ප්‍රමාණයක් ආවරණය කෙරෙන අතර, ඉදිරියේදී සමස්ත දිවයිනේම ඇති එම අවහන්හල් වෙත එය ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කර තිබේ.

මෙම සහයෝගීතාව යටතේ, රාජගිරියේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේ බේලින් යන්ත්‍රයක් (baling machine) පිහිටුවීමට නෙස්ලේ ලංකා සමාගම සහාය වී ඇත. බේලින් යන්ත්‍රයක් යනු කසල සම්පීඩනයට ලක්කරමින් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රවාහනය කිරීම පහසු කරවන යන්ත්‍රයකි.

නෙස්ලේ යනු වසර 115කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජීවිතවලට බද්ධ වූ සමාගමකි. වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ අරමුණ සමග ක්‍රියා කරන නෙස්ලේ සමාගම, තම ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයින්ට සමීප වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් අතිනවීන කර්මාන්තශාලාවේ නිපදවනු ලබන්නේ නෙස්ලේහි ගෝලීය උසස් ප්‍රමිතීන් අනුගමනය කරමිනි.

SendShareShare
Previous Post

ගෝඨාගෝගම නිසා වහපු ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශ අද සිට යළි වැඩ!

Next Post

ගෝඨාගමෙන් විහාරමහාදේවී එකට යන්න අපි අහිකුණ්ඨිකයොද? නෑ අපි යන්නෙ නෑ! ගෝඨාගමෙන් ආණ්ඩුවට චැලෙන්ජ් එකක්! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.