• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මගේ ව්‍යාපාරය ගොඩනැගුණේ ලංකා බැංකුව ලබාදුන් ශක්තියෙන්…

May 30, 2022
in Business
Reading Time: 3 mins read
A A
මගේ ව්‍යාපාරය ගොඩනැගුණේ ලංකා බැංකුව ලබාදුන් ශක්තියෙන්…
Share on WhatsAppShare on Facebook

දේශමාන්‍ය උපුල් සෙනරත්, සභාපති – ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගම

ව්‍යාපාරයක් ආරම්භ කර එය ගොඩනැගීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එමෙන්ම ආරම්භ කළ ව්‍යාපාරය දිගු කලක් තිස්සේ සාර්ථකව මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යෑම ඊටත් වඩා අපහසු කටයුත්තකි. මෙම අභියෝගය ජයගැනීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහයෝගය ලබාදීමට ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව නිරන්තරයෙන් කැපවී සිටින බව පැවසිය යුතුම කරුණකි.

ලංකා බැංකුවේ සහයෝගයෙන් ගොඩනැගුණු ව්‍යාපාරයක් වන ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගමට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුණු ප්ලාස්ටික් බහාලුම් මිලියන 22ක ඇණවුමේ පළමු අදියර නැව්ගත කිරීමේ අවස්ථාව පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, එම අවස්ථාවට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් – කලාප අංක 02) වයි.ඒ. ජයතිලක, සහකාර මහා කළමනාකාරිනී (ශාඛා ණය – කලාප අංක 02), සහකාර මහා කළමනාකරු (ඌව පළාත) අයි.කේ. නවරත්න, ඇක්සෝන් ලංකා සමාගමේ සභාපති, දේශමාන්‍ය සිංහ උපුල් සෙනරත් යන මහත්ම මහත්මීහු සහ ඇක්සෝන් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගි වූහ.

මෙම අවස්ථාව අමතමින් ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගමේ සභාපති දේශමාන්‍ය උපුල් සෙනරත් මහතා සිය සාර්ථකත්වයේ කතාව පැවසුමේ මේ අයුරිනි.

‘මම 1994දි තමයි ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. අපේ නිෂ්පාදනය වුණේ ‘Ozone mineral water’. ඒ වෙනකොට වතුර විකුණන්න පුළුවන් කියන සංකල්පය මේ රටේ කිසිම කෙනකුට තිබුණේ නෑ. මම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාගන්න බැංකු ගණනාවකටම ගියා. නමුත් මට අවශ්‍ය කරපු ඒ සහයෝගය කිසිම බැංකුවකින් ලැබුණේ නැහැ. මම මගෙ හීනය වුණු ‘Ozone mineral water’ ව්‍යාපාරය ඉතා කුඩාවට ආරම්භ කළා. ඒ අතරෙදි තමයි ලංකා බැංකුව මට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ. ‘Ozone mineral water’ කියන්නෙ ලංකාවෙ පළමුවැනි දේශීය බෝතල් කළ පානීය ජල නිෂ්පාදනයයි. ඒ වගේම අපි ඒ නිෂ්පාදනය ඉතාමත් ගුණාත්මකව සහ ප්‍රමිතිගතව නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. අද වෙනකොට ‘Ozone mineral water’ ජපානය ඕස්ටේ්‍රලියාව වගේ රටවල් කිහිපයකටම අපි අපනයනය කරනවා. 2010 වසරෙදි තමයි මම ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගම ආරම්භ කරන්නේ. අපි මුලින්ම මේ සමාගම ආරම්භ කළේ අපේ අනෙකුත් නිෂ්පාදනවලට අවශ්‍ය මූඩි නිෂ්පාදනය කිරීමටයි. නමුත් අද වෙනකොට අපි මෙම ආයතනය හරහා විවිධ නිෂ්පාදන ක්ෂේත්‍රයන් ආවරණය කරනවා.

එහි ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ ඇමෙරිකානු ඇණවුම භාරගන්න හැකියාව ලැබුණේ. ඒ ඇණවුමේ මුල්ම අදියර නැව්ගත කරන මේ අවස්ථාවෙදි අපගේ සාර්ථකත්වයට සහයයෝගය ලබාදුන්නු ලංකා බැංකුවේ කළමනාකාරීත්වය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, නොයෙක් අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.’
ලංකා බැංකුව පිළිබඳ අදහස් දක්වමින් සෙනරත් මහතා ප්‍රකාශ කළේ, ‘ලංකා බැංකුව ලබාදුන්නු සහයෝගය ඉතාමත් ඉහළයි. ව්‍යවසායකයෙක් කියන්නේ නිර්මාණශීලී කෙනෙක්. අනාගතය දකින කෙනෙක්. ව්‍යවසායකයෙක් යම්කිසි නිර්මාණාත්මක ව්‍යාපාරික අදහසක් ඉදිරිපත් කළාම ලංකා බැංකුව ඒ අදහස යථාර්ථයක් බවට පත්කර ගැනීමට උපරිම ශක්තිය ලබාදෙනවා. එය තමයි බැංකුවකින් විය යුත්තේ. ලංකා බැංකුව ඒ වගකීම ඉතාමත් සාර්ථකව ඉටුකරන ආයතනයක්. ඒ වගේම රටේ කොඳුනාරටිය විදියට හැඳින්වීමට හැකි සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවන්නට ලංකා බැංකුව ඉටුකරන කාර්යභාරය ඉතාමත් කෘතඥපූර්වකව සිහිපත් කරනවා වගේම ඒ කාර්යභාරය දිනෙන් දිනම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.’

මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය හැසිරවුම් – කලාප අංක 02) වයි. ඒ. ජයතිලක මහතා පැවැසුවේ මෙවන් අදහසකි. ‘ඇක්සෝන් ලංකා පෞද්ගලික සමාගමේ මෙම ජයග්‍රහණයට මුලින්ම ලංකා බැංකුව වෙනුවෙන් සුබ පැතීමට කැමැතියි. එම සමාගමේ සභාපති උපුල් සෙනරත් මහත්මයාගේ දැඩි කැපවීම මත මෙම ව්‍යාපාරය මේ මට්ටමට ගෙන ඒමට හැකි වීම ඇත්තටම ප්‍රශංසනීයයි. ඒ වගේම ලංකා බැංකුවටත් මෙම ව්‍යාපාරික සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට ලැබීම අපි සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඒ නිසාම උපුල් ජයසිංහ මහත්මයා ඇතුළු ඇක්සෝන් ලංකා සමාගමට තව තවත් ඉදිරියට යෑමට ධෛර්යය ශක්තිය ලැබේවා කියලා සුභාශිංසන එකතු කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. අද අපේ රටේ පවතින ඩොලර් හිඟයට මේ වගේ ව්‍යාපෘති අවශ්‍යම කාලවකවානුවක්. ලංකා බැංකුව මේ රටේ වගකිව යුතු ආයතනයක් විදියට රටට ඩොලර් ගෙන එන මෙවැනි ව්‍යාපාර ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියේදීත් උපරිම සහයෝගය ලබාදෙන බව අවධාරණය කිරීමට කැමැතියි.’

‘රටේ ආර්ථිකයේ කොඳුනාරටිය විදියට හඳුන්වා දිය හැකි සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර අංශය නඟාසිටුවීම වෙනුවෙන් වසර 82ක් පුරා කැපවෙමින්, විවිධ වූ සේවාවන් ලබාදෙන මේ රටේ ප්‍රමුඛතම බැංකුව විදියට ලංකා බැංකුව හඳුන්වා දෙන්න පුළුවන්. මේ රටේ අංක එකේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාත් උපරිම සහයෝගය ලබාදෙන ආයතනයක්. ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබාදෙන සේවාවන් තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කරමින්, ගනුදෙනුකරුවන් වෙත වඩාත් සමීප කිරීම වෙනුවෙන්ම ‘BOC SME Circle’ නමින් විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු කරල තිබෙනවා. ‘BOC SME Circle’ විශේෂ ඒකකය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙ නව ව්‍යාපාරික අදහස් ව්‍යාපාරයක් බවට පත්කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මූල්‍ය සහයෝගය වගේම, ව්‍යාපාරය සාර්ථකව ගොඩනගා ගැනීමට සහ එය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යෑම දක්වා අවශ්‍ය සියලුම සහහෝගය ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට සහයෝගය ලබාදීම සඳහා ‘BOC Export Circle’ විශේෂ අපනයන ඒකකයට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන රැසක් ‘BOC SME Circle’ විශේෂ ඒකකය සමග අත්වැල් බැඳගෙන සිටින බවත් මතක් කළ යුතුම කරුණක්’ යනුවෙන් ජයතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

දයා ගමගේගෙ හෙලිකොප්ටර් විකුණලා බැංකුවලට පොලු තිබ්බ බිලියන ගානක සල්ලි ගනින්! ඇලෝසියස් පොලු තිබ්බ සල්ලි ගනින්! අගමැතිතුමෝ නාලා වරෙන් මිනිස්සුන්ට බදු ගහන්න! (VIDEO)

Next Post

21න් අගමැතිට-පාර්ලිමේන්තුවට බලය දීම සුදුසුයි! හැබැයි මේ පාර්ලිමේන්තුවත් රනිලුත් ඒ වගකීම දරන්න සුදුසු නෑ! රනිල් කියන්නෙ රටෙන්ම ප්‍රතික්ෂේප වෙලා ජන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු කෙනෙක්! අනුර 21ට ඇතුළත් විය යුතු දේ හෙළිකරයි! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.