2022 සැප්තැම්බර් මස 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත්කර ඇත.
2022 ජුලි 15 වැනි දින සිට ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්‍රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්‍ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සීමාව තුළ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස්හි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර තිබේ. අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයකු වන අතර එක්සත් රාජධානියේ ත්‍රිත්ව සංගීත විද්‍යාලයේ (Trinity College of Music) කථන හා නාට්‍ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්‍ය ආයතන ත්‍රිත්වයේම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසද කටයුතු කර තිබෙන්නෙකි. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මූලස්ථානය වන “බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ. බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වැනි සභාපතිවරයා ලෙස පත්වූ ඔහු 2012 “වසරේ රොටරියන්” සම්මානයෙන්ද පිදූම් ලැබීය. ලාදූරු රෝගයෙන් පීඩාවට පත්වූවන් නගාසිටුවීම හා පුනරුත්ථාපනය කිරීමේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ලබයි.