ලෝක ළමා දිනය නිමිති කොටගෙන ඩලස් අලහප්පෙරුම මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබිණ.
එය පහත පළවේ.
අද, ලෝක ළමා හා වැඩිහිටි දිනය.
සතුටුයි, උත්සව සහ සුබපැතුම් සෑම තැනම.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දරුවන් පිළිබඳ මතු කරන කරුණු කිහිපයකට අපි අපේ අවධානය යොමු කරමු.
ඒක තමයි අද දවසේ හොඳම සුබපැතුම.
I. වයස අවුරුදු 20 ට අඩු ගැහැණු දරුවන් මිලියන 120 ක් පමණ සෑම වසරකදීම බලහත්කාර ලිංගික සම්බන්ධතාවලට ගොදුරු වෙනවා.
II. ප්රචණ්ඩත්වය හේතුවෙන් වසරකට මියයන වයස අවු. 17 ට අඩු දරුවන්ගේ සංඛ්‍යාව හතළිස් දහසකට(40,000) අධිකයි.
III. වසරකට ලොව පුරා දරුවන්ගෙන් 50% පමණ මානසික හෝ කායික ප්රචණ්ඩත්වය හේතුවෙන් පීඩා විඳිනවා. එය සංඛ්‍යාත්මකව දරුවන් බිලියනයකට ආසන්නයි.
IV. මින් මිලියන තුන්සියයක් (300) පමණ පීඩාවට පත්වන්නේ දෙමවුපියන් හෝ රැකබලා ගන්නා වැඩිහිටියන්වෙතිනි.
එහෙත්, අපි අද ලොව පුරා බොහෝ ළමා හා වැඩිහිටි දිනය සමරන්නේ මේ පිළිබඳව සාකච්ඡාවකින් හෝ වැඩසටහනකින් තොරවයි.
“ළමයින් ගේ ලෝකය ළමයින්ටම දෙමු!”