වර්තමානයේ පවතින ආනයන සීමා හේතුවෙන් බ්‍රෑන්ඩ් නිව් වාහන ශ්‍රී ලංකාව තුළ නොමැති තත්ත්වයක් තුළ තමා සතුව දැනට පවතින වාහනය නිසි පරිදි නඩත්තු කිරීමට සෑම දෙනාම මේ දිනවල මූලිකත්වය දී ඇත. එහිදී අමතර කොටස් හා උපාංග ඉතා වැදගත් වන නමුත් පසුගිය මාස කිහිපය තුළ විනිමය අනුපාතවල සිදුවුණු වෙනස්වීම් හේතුවෙන් සෑම වර්ගයකට අයත් වාහනවල ජෙනුයින් අමතර කොටස් මිල අධික ලෙස ඉහළ ගියේය.
මේ අතර අලෙවියෙන් පසු සේවය සඳහා කැපවුණු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙරට බජාජ් වාහන හිමියන්ට සුබ ආරංචියක් ගෙන දෙමින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිල සැලකිය යුතු මට්ටමකින් පහත දැමීමට පසුගියදා කටයුතු කළේය.
බජාජ් වාහන නිෂ්පාදනය කරන ඉන්දියාවේ බජාජ් ඔටෝ ලිමිටඩ්හිම නිපදවන ජෙනුයින් අමතර කොටස් මෙරට බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ එකම නියෝජිතයන් වන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ සමාගමේ ඩීලර්වරුන් පමණි. එනිසා පාරිභෝගිකයන්ගේ වාහන සැමදා බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේම පවත්වා ගැනීමට නම් ජෙනුයින් පාර්ට්ස්ම පමණක් යොදන ලෙස සමාගම නිර්දේශ කරයි.
බජාජ් ජෙනුයින් අමතර කොටස් මිලදී ගැනීම රට පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන සහ ජෙනුයින් පාර්ට්ස් ඩීලර්ස් වෙතින් මෙන්ම https://bajajgenuine.dpmco.com හරහා ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ද මිලදී ගත හැකි බවයි. තවද පාරිභෝගිකයෙකුට අවශ්‍ය බජාජ් ජෙනුයින් පාර්ට්ස් නිවසටම ගෙන්වා ගැනීමේ ඩිලිවරි පහසුකම්ද ඇත. මිල අඩු කළ බජාජ් ජෙනුයින් අමතර කොටස් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු 0114700600 ඔස්සේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ඇමතීමෙන් ලබාගත හැකිය.