ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලෝක ළමා දිනය සැමරීම සඳහා “මිණිමුතුලන්තය” නමින් දැනුම හා විනෝදය සපිරි වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
මෙම වැඩසටහන් 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 03 වැනි දින දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල ෆේස්බුක් පිටුව හරහා පැවැත්වූ අතර මේ සඳහා දිවයින පුරා සිටින ළමුන් සහ දෙමාපියන් දහස් ගණනක් සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ සිහින සැබෑ කරගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමක් ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මිණිමුතු අධ්‍යාපන සැලසුම මගින් මෙම වැඩසටහන් පැවැත්වූ අතර මිණිමුතු අධ්‍යාපන සැලැස්ම මගින් දරුවාගේ අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් සකසමින් දරුවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය ලබාදෙයි.
මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මවුපියන් සඳහා ‘Super Parents’ නමින් ඔක්තෝබර් 01 වැනි දින පැවැත්වූ අතර මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය, මානසික සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය. මේ සඳහා මනෝ විද්‍යාඥ ක්‍රිස්ටීන් ජයකොඩි, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ පොලිමත් විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර, පෝෂණවේදී වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ සහ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගී විය.