බඩු මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී දැඩි විවේචනයක් සිදු කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බුදු වේවා, ගෝඨා තමයි රට බේරගන්න විරුවා යැයි කියමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද මේ වනවිට බඩු මිල වේගයෙන් ඉහළ දමා ඇති බවකි.
එමෙන්ම ඉදිරියේදී ඉන්දියාව සතුටු කිරීමට පළාත් සභා පැවැත්වීමට නියමිත බැවින් ඒ අවස්ථාවේදී බඩු මිල අඩු කොට ඇස්බැන්දුමක් කිරීම සදහා මෙපමණ වේගයකින් බඩු මිල ඉහළ දැමීමට ඉඩ ලබා දී ඇති බවට තමන්ට සැකයක් ඇති බව බවද ඒ මහතා කීය.