යුරෝපා රාජ්‍යයන්හි ආරක්ෂක ප්‍රධානීන් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක ජර්මනිය සහ ප්‍රංශය යන දෙරටට සම්බන්ධ ආරක්ෂක ප්‍රධානීන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා විදේශ ලේකම් හමුවනු ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු -පැසිෆික් ප්‍රතිපත්තිය සහ ඇමරිකාව,ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය යන රටවල් හතරේ ආරක්ෂක මෙහෙයුම් ගිවිසුම් ක්‍රියාත්මක වීමත් සමඟ ඉන්දු පැසිෆික් කලාපය කෙරෙහි ලෝකයේ වැඩි අවධානයක් යොමුව ඇත.
ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි ද මේ අවධානය යොමුව ඇති අතර මේ තත්ත්වය තුළ යුරෝපය ද මෙම කලාපය කෙරෙහි සිය අවධානය අඩු කර නැත.
ලබන වසරේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජර්මන් නොකාවක් වන Fregatte Bayern හි ගමනට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ජර්මන් පරීක්ෂක ප්‍රධානියා පැමිණි බව කොළඹ පිහිටි ජර්මන් තානාපති කාර්යාලය පවසයි.