ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් ගම්පහ දිස්ත්‍රික්කයට පිවිසෙමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව කැලණිය නගරයේදී පසුගියදා විවෘත කරන ලදී.
අභිනව කැලණිය රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති, කළුතර දිස්ත්‍රික්කයේ කලාපීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය යූ.අයි. රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.