ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඕස්ටේ්‍රලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අනුව වත්තල හා තලවතුගොඩ පිහිටි හේමාස් රෝහල් කාර්යමණ්ඩලයට සහ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට හේමාස් රෝහල් සහ හේමාස් රසායනාගාර සමුහයේ කළමනාකාරීත්ව පියවර ගන්නා ලදි. සමගාමී සමාජ සත්කාරයක් ලෙස වත්තල සහ තලවතුගොඩ රෝහල් පරිශ්‍රයන් දෙකෙහිම මෙම වැඩසටහන පැවැත්විණ.
මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ එදින සේවයේ යෙදී සිටි වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් කාර්ය මණඩලයට සහ වත්තල සහ තලවතුගොඩ ප්‍රදේශයන්හි අඩු ආදායම් ලාභීන් ඇතුළුව 2000කට අධික පිරිසකගේ දිවා ආහාරය සම්පාදනය කිරීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කරන ලදි. මෙම මාහැඟි ප්‍රජා සත්කාරය සඳහා හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, පූජ්‍ය හික්ගොඩ චන්දිම හිමි, වත්තල ශා.ආනා දේවස්ථානයේ රජිත ලියනගේ පියතුමා, තලවතුගොඩ සම්බුද්ධාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත විජිත රන්සි හිමියන් ඇතුළුව වත්තල සහ තලවතුගොඩ රෝහල් කාර්ය මන්ඩලයෙහි විශාල පිරිසක් එක් වූහ.